සංචාරකයන් කැඳවීමේ තීන්දුවත් යළි හකුළයි !

සංචාරකයන් කැඳවීමේ තීන්දුවත් යළි හකුළයි !

විදේශීය සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ යළි විවෘත කිරීම දින කිහිපයකට කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට යුරෝපය පුරා හදිසියේම පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා මෙම තීරණය ගෙන ඇත.  

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි ද ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයක් වෙත අදහස් දක්වමින් මේ බව සනාථ කර ඇත. 

එහිදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව දින කිහිපයකින් සංචාරකයින් සඳහා ගුවන් තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. 

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයන්ට පනවා තිබූ සීමා ඉවත් කරමින් අද සිට විදේශීය සංචාරකයින්ට රට විවෘත කිරීමට බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණා. 

ඒ අනුව රුසියානු ජාතිකයින් පිරිසක් පළමුව අද (26) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා නව වෛරස් ප‍්‍රභේදය හේතුවෙන් එම කණ්ඩායම අද දිනයේ නොපැමිණෙන බවත් වාර්තා වෙයි.

රුසියානු ගුවන් සේවයට අයත් යානයකින් එරට ධනවතුන් 200 කට අධික පිරිසක් එම සංචාරයට එක්වීමට නියමිතව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න