මෙරටට සීනි, පොල්තෙල්, සිමෙන්ති, ගල් අඟුරු ඇතුළු ආනයනයන් සිදුකිරීම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පැවරීම යනාදිය මහා පරිමාණ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුගේ බුදලයක් බවට පත්වෙමින් ඇති බවත් මේ ජාවාරම්කරුවන් ආයනයන ව්‍යාපාරවලට සහ පැවරීම්වලට එකිනෙකා මුණගැසෙන කේන්ද්‍රස්ථානය දුරබැහැර ආණ්ඩුකාරවරයෙකුගේ කොළඹ නිවස බවත් දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතනයක් වන "මව්බිම" වාර්තා කරයි.
එම පුවත්පතේ ලිපියක් හරහා මේ අනාවරණය සිදුකර ඇත. අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
"ආණ්ඩුකාරවරයාගේ නිවහන මේ වන විට ඩීල් තිප්පොළක් බවට පත්ව තිබේ.
ඊට සම්බන්ධව ජාවාරම්කරුවන් කිහිපදෙනා අතර බලවත් මාධ්‍ය හිමිකරුවෙකුද සිටින බව මේ වන විට අනාවරණයවී ඇත. මේ මහා පරිමාණ ආනයන සැලසුම් කරන්නේත් , ඒ සඳහා බලධාරීන්ගේ අනුමැතිය ලබාගන්නට අනුගමනය කල යුතු උපක්‍රම ගැන තීන්දු තීරණ ගන්නේත් එම සැලසුම් දියත්කල පසුව අවසානය දක්වා පසු විපරම් සියල්ල සිදුකරන්නේත් ආණ්ඩුකාරවරයාගේ මේ නිවහන ඇතුළේය.
මේ ගැන මේ වන විට ආණ්ඩුවේ ඉහළ තැන් වලටද ඉව වැටී ඇතැයි වාර්තා වෙයි. ආණ්ඩුවට හානිකර මෙවැනි ඩීල් මාෆියාව තුරන් කිරීමට නොපමාව බලධාරීන් කටයුතු කල යුතු බවටද ආණ්ඩුව ඇතුළේම මේ වන විට කතා බහක් ඇතිවී තිබේ."

