නීතිඥ ශිරාල් ලක්තිලක , කීර්ති තෙන්නකෝන් , මෛත්‍රී ගුණරත්න යන තුන් කට්ටුව සමගි ජනබලවේගය තුළ බරපතළ දේශපාලන කැපිල්ලකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සමගි ජනබලවේගය පක්ෂයේ කිසිදු තනතුරක් ඔවුන් වෙත පිරිනමා නැත. විශ්වාසදායක ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මොවුන් පක්ෂය තුළ දෙවන පෙළ නායකත්වයක් ගොඩනගන්න උත්සාහ කරන බවට වන සැකය මත පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ බලාධිකාරය මේ තීන්දුව ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්කර සජිත් ප්‍රේමදාස පත්කිරීමට කුප්‍රකට කුරුඳු පොලු හටන මෙන්ම සිරිකොතට ගල් ගැසීම යන දේශපාලන කැරැලි මෙහෙයවූ අය ලෙස ශිරාල් ලක්තිලක ප්‍රමුඛ මේ පිරිස ප්‍රසිද්ධය.
එසේම 'සමගි ජන බලවේගය' ගොඩනැගීමට විශාල කාර්යභාරයක් ඉටුකල අයකු ලෙසත් නීතිඥ ශිරාල් ලක්තිලක ප්‍රසිද්ධය. මේ සම්බන්ධව සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රබලයකු වෙතින් අප කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මෙම පිරිස අලුත් වටයකින් ගොඩනගමින් සිටින දේශපාලන ව්‍යාපාරයක ප්‍රධානින් ලෙස කටයුතු කරන බවට සහ , එහි නායකයා 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති බවටත් ලැබී ඇති බුද්ධි තොරතුරු මත මේ තීන්දුව ගෙන ඇති බවය.
පූර්ව දැනුම්දීමක්ව්වවත් නෑ !
තවද සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රීක් සංවිධායකයකු ලෙස පසුගිය මහ මැතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත්වූ හිටපු ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න ට පසුගිය සෙනසුරාදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමට ආරාධනා කර නොතිබුන අතර පක්ෂයේ ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා බණ්ඩාරවෙල හෝටලයේ පැවති රැස්වීමට ද ආරාධනා කර නොතිබූ බවත් දැනගන්නට ඇත.
ශිරාල්ගේ නයි ශිරාල්වම කයි !
මේ මතුව ඇති තත්ත්වය සම්බන්ධව අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරී අයෙකු සඳහන් කර සිටියේ තමන්ට හිමිව තිබූ සම්බන්ධතා සහ වරප්‍රසාද පසෙකලා සජිත් ප්‍රේමදාස නායකත්වය වෙත ඔසවා තැබීමට ඉදිරිපත් වූ , ඒ වෙනුවෙන් කැපවූ ශිරාල් ලක්තිලකව ඔහු විසින් ගොඩනැගූ අයම පාවාදී කටයුතු කර ඇති බවයි.
මේ මතුව ඇති තත්ත්වය සම්බන්ධව අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරී අයෙකු සඳහන් කර සිටියේ තමන්ට හිමිව තිබූ සම්බන්ධතා සහ වරප්‍රසාද පසෙකලා සජිත් ප්‍රේමදාස නායකත්වය වෙත ඔසවා තැබීමට ඉදිරිපත් වූ , ඒ වෙනුවෙන් කැපවූ ශිරාල් ලක්තිලකව ඔහු විසින් ගොඩනැගූ අයම පාවාදී කටයුතු කර ඇති බවයි.
