කහ කිලෝ 25000ක් STF අත්අඩංගුවේ !

කහ කිලෝ 25000ක් STF අත්අඩංගුවේ !

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ කහ කිලෝ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක් හුන්ගම පොලිස් වසමේ කලමැටියාව ලියාපදිංචි නොකල ධීවර වරායේ තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (26) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් පස් දෙනෙක් සමඟ එම කහ ප්‍රවාහනය කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

විශේෂ කාර්ය බලකායේ බස්නාහිර පළාත් උතුර බාර බුද්ධි ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙන්නේ . විශේෂ කාර්ය බලකාය විසින් කහ සම්බන්ධයෙන් සිදුකරන ලද විශාලතම වැටලීම ලෙස මෙය සැලකෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න