ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ චෝදනා කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ චෝදනා එල්ලකර සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින්ය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ 2015 වසරේදී මෙන් ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවන බවට සැක මතු වී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර විසින් මෑතකදී සිදුකරන ප්‍රකාශයද එවන්න සේ සැලකිය හැකි බවද ඔහු කියා ඇත.
දැනට ආණ්ඩුව තුල සිටිමින් තීරණාත්මක මොහොතක සිය කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මෙම පිරිස් බලා සිටිනවා විය හැකි යයිද පවසා ඇති අමාත්‍යවරයා කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කර ඇත.

