කොරෝනා අධි අවධානම් කළාප 47ක් නම් කරයි !

කොරෝනා අධි අවධානම් කළාප 47ක් නම් කරයි !

කොරෝනා අධි අවධානම් කළාප 47ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රසිද්ධ කර ඇත.

ඊට කොළඹ මහනගර සභා බලප්‍රදේශය ඇතුළුව එම දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ 19ක් අයත්ය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩ උයන, ගොතටුව, හංවැල්ල, හෝමාගම, කඩුවෙල, කහතුඩුව, කැස්බෑව, පාදුක්ක, පිළියන්දල, කෝට්ටේ සහ රත්මලාන නම් කර තිබේ.

එසේම මේ වනවිට අවිස්සාවේල්ල පොලිස් වසමද  හුදකලා කර ඇත.  

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 15ක් ඇතුළත් අතර ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පෙ, ගම්පහ, ජා-ඇල, කටාන, කැළනිය, මහර, මිණුවන්ගොඩ, මීරිගම, මීගමුව, රාගම හා වත්තල යන ප්‍රදේශ නම් කර තිබේ. තවද කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 12ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති නමුත් ඒ මොනවාදැයි නම් කර නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න