ධම්මිකටම පැණිය එපා වෙයි : එක පැණි ජවුසමක් අවසන් !

ධම්මිකටම පැණිය එපා වෙයි : එක පැණි ජවුසමක් අවසන් !

කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළේ යැයි මහා නාඩගමක් නැටූ  කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැති අය  එම ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.

දැනටත් එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇතැයි ද ඔහු සඳහන් කල බව වාර්තා වන අතර ඒ බව සඳහන් වුණේ වරකාපොල ප‍්‍රාදේශී්‍ය මන්ත්‍රීවරුන් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

එසේම තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත්වන බව ධම්මික බණ්ඩාර නැමැත්තා පැවසූ බවත් එහිදී පැවසිණ.

කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බව ධම්මික පැවසු බව සඳහන් කළ එම මන්ත්‍රීවරුන්  මෙම ඖෂධය සාර්ථක ද නැද්ද යන නිසි ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න