online ඉගැන්වීමට ගුරුවරුන්ට බලපෑම්!

online ඉගැන්වීමට ගුරුවරුන්ට බලපෑම්!

පාසල් මට්ටමින් සිදු කරන online ඉගැන්වීම් අධීක්ෂණය මැයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශී‍්‍රලාල් නෝනිස් මහතාගේ අත්සනින් බප/අසං/20/ප‍්‍රතිඵල විශ්ලේෂණය අංකයෙන් යුතුව 2020.12.18 දිනැතිව බස්නාහිර පළාතේ සියලූම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු වෙත නිකුත් කරන ලද ලිපියක සඳහන් වන්නේ බස්නාහිර පළාතේ පාසල්වල online ඉගැන්වීම් අධීක්ෂණයට කටයුතු කරන ලෙසයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින්  වැඩිදුරටත්  මෙසේ සදහන් කර සිටී.

පාසල් මට්ටමින් දුරස්ථව සිදු කරන online ඉගැන්වීම් අධීක්ෂණය කිරීම සඳහා කලාප මට්ටමින් විෂය අධ්‍යක්ෂවරු සහ ගුරු උපදේශකවරු යෙදවීමට කටයුතු කරන ලෙස උක්ත ලිපිය මගින් නියෝග කර ඇත. ඒ සඳහා online ඉගැන්වීම් සිදු කරන link හා අනෙකුත් තොරතුරු ලබාදීමට සියලූ පාසල් දැනුවත් කරන ලෙසත්, online ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය සඳහා සම්බන්ධවීමට විෂය අධ්‍යක්ෂවරු, නිලධාරීන් හා ගුරු උපදේශකවරු යොමු කරන ලෙසත් නියෝග කර ඇත. එසේම එම ඉගැන්වීම් නියාමනය සඳහා ආකෘති 3 ක් අදාළ ලිපිය සමග යොමු කර ඇත.

පාසල් ගුරුවරු ස්වේච්ඡාවෙන් තම වියදමින් ඬේටා සහ අවශ්‍ය උපාංග භාවිතා කරමින් කෝවිඞ් 19 තත්වය තුළ අඩපන වූ අධ්‍යාපන කටයුතු සැපිරීමට කටයුතු කරමින් සිටිති. එසේ ගුරුවරු විසින් තම වියදමින් ස්වේච්ඡාවෙන් සිදු කරන ඉගැන්වීම් අධීක්ෂණය කිරීමට නියෝග කරමින් online ඉගැන්වීම් සඳහා අනියම් ආකාරයෙන් බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැඩි විරෝධය පළකර සිටී.

මේ වන විටත් අසාර්ථක කි‍්‍රයාවලියක් වී ඇති online අධ්‍යාපනය තුළ දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරු පීඩාවට පත්ව ඇති අතර, විවිධ සමාජ ප‍්‍රශ්න ගණනාවකට ද දරුවන් ගොදුරු වී ඇත. ගුරුවරුන්ට සහ දරුවන්ට ඬේටා සඳහා වියදම් දැරීමට සිදුවීම, දරුවන් දුරකතන උපාංග ඔස්සේ වෙනත් විවිධ කි‍්‍රයාවන්ට යොමුවීම, දරුවන් තුළ අක්ෂි රෝග ඇතිවෙමින් පැවතීම වැනි ප‍්‍රශ්න ගණනාවක් මේ වන විට දබකසබැ අධ්‍යාපනය ඔස්සේ නිර්මාණය වී ඇත.

මේ තත්වය තුළ ගුරුවරුන්ට online ඉගැන්වීම් සඳහාව ඬේඩා පහසුකම් හෝ ඒ සඳහා මුදල් හෝ අවශ්‍ය උපාංග හෝ ලබා නොදෙමින් ගුරුවරු ස්වේච්ඡාවෙන් කරන කටයුතු සඳහා මේ ආකාරයෙන් බලපෑම් කරමින් අධීක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් සියලූ ගුරුවරු online ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද  ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව ප්‍රකාශ කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න