"එක රටක් එක නීතියක්" කියන පාඨය තරම් පසුගිය කාලයේ සමාජ ජාලාවල වැරදියට තේරුම්ගත් වෙනත් එකක් නැති තරම්". බව සෘජු බැසිල් රාජපක්ෂ වාදියෙක් ලෙස සැලකෙන ලංකා පුවත්පත් කොමිසමේ සභාපති මහින්ද පතිරණ පවසයි.
සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරන අතර අදාළ පාඨය ගෙන අර්ථ දක්වා ඇත්තේ "ඇත්තටම එක රටක් එක නීතියක් (one country
one law) කියන පාඨයෙන් අර්ථ ගැන්වුනේ එල්ටීටීඊය ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තම පොලීසි, උසාවි මෙහෙවවමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගැනීමට ප්‍රතිචාරයක් ලෙස." බවත් සඳහන් කර ඇත.
one law) කියන පාඨයෙන් අර්ථ ගැන්වුනේ එල්ටීටීඊය ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තම පොලීසි, උසාවි මෙහෙවවමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගැනීමට ප්‍රතිචාරයක් ලෙස." බවත් සඳහන් කර ඇත.කෙසේ වුවත් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවස්ථාවේ මේ සටන් පාඨය ගෙනා පසුබිම ඔහු පැහැදිලිව දක්වා නැත. ඒ වෙනුවට ඔහු සඳහන් කර ඇත්තේ " ලංකාව සියළු දෙනාට අපගේ ව්‍යවස්ථාව අදාල නිසා 2009න් පසු ලංකාව තුළ එක රටක් එක නීතියක් කොහොමත් ක්‍රියාත්මකයි." යනුවෙනි.
ඔහු තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
"එක රටක් එක නීතියක්" කියන පාඨය තරම් පසුගිය කාලයේ සමාජජාලාවල වැරදියට තේරුම්ගත් වෙනත් එකක් නැති තරම්. ඇත්තටම එක රටක් එක නීතියක් (one country one law) කියන පාඨයෙන් අර්ථ ගැන්වුනේ එල්ටීටීඊය ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තම පොලීසි, උසාවි මෙහෙවවමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගැනීමට ප්‍රතිචාරයක් ලෙස.
එහෙත් අද එක රටක් එක නීතියක් කියන පාඨය මගින් අදහස් කරන්නෙ ඉහත පිළිගැනීම සපුරා පටහැනි අදහසක්. ඇතැම් පාඨ සමාජයේ බුද්ධියෙන් අවවරප්‍රසාදලත් අය වෙත ගිය විට ඒවාට වන හානිය ගැන මෙය කදිම නිදසුනක්. අද එය යොදා ගැනෙන්නෙ ඇතැම් ජනවර්ගවල සංස්කෘතික වෙනස්කම් මත ක්‍රියාවට නැංවෙන රජයේ යම් උපදෙස් අර්ථගැන්වීම සඳහා. නීතිය යනු ව්‍යවස්ථාවයි. ලංකාව සියළු දෙනාට අපගේ ව්‍යවස්ථාව අදාල නිසා 2009න් පසු ලංකාව තුළ එක රටක් එක නීතියක් කොහොමත් ක්‍රියාත්මකයි. ඒ වෙනම රාජ්‍ය නැති නිසා. ඊට එරෙහි පිරිස්වලට එරෙහිව පොලීසිය අධිකරණය ක්‍රියාත්මක වෙනවා.
එහෙත් ලොව ඕනෑම රටක සංස්කෘතික වෙනස්කම් මත යම් විධිවිධානවල වෙනස්කම් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ම ඉස්ලාම් වැනි ආගම් හුදු ඇදහීම් නොවී, ජීවන ප්‍රතිපදා වීම හේතුකොට ගෙන ඒවා ආශ්‍රයෙන් යම් ආයතන පවා ගොඩ නැගී තිබෙනවා. විවිධ රටමල එම වෙනස්කම්වලට ඉඩ දී ද තිබෙනවා. ඉස්ලාමීය බැංකු ක්‍රමය එවැන්නක්. හලාල් ද එවැනිමයි. ඒවා තුළ යම් වාර්ගික බවක් හෝ (මා නම් සිතන්නෙ අනෙත් ආගමික ඇදහිලි පරිදි ඉස්ලාම් ආගම නූතනකරණය නොවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි) ගෝත්‍රික ස්වරූපයක් පවා ගැබ්ව තිබෙන බව පේනවා. එහෙත් අපට ඒවා විවේචනය කළ නොහැකියි. ආගම යනු පුද්ගලික තේරීමක්.
දැන් ඉහත ඉස්ලාමීය ආගමික ඇදහිලි ඉස්ලාම් නොවන රටවල ක්‍රියාත්මක වූ පමණීන් එය එක රටක් එක නීතියක් යන පාඨය උල්ලංඝනය වීමක් ලෙස කිසි ලෙසකින් හෝ අර්ථ ගැන්වෙන්නේ නැහැ. එහෙත් ලංකාවේ ඉහත දැක් වූ පිරිස් සංස්කෘතික වෙනස්කම් මත විවිධ ආගමිකයින්ට ලබා දී ඇති අයිතීන් පවා ඉහත පාඨය තුළට දමා තේරුම් ගැනීම තුළ එම පාඨය පවා විහිළුවට ලක්ව ඇති බව පෙනී යන බව කිව යුතුයි.

