රුපියල බාල්දු වී ජීවන වියදම ඉහළට ! 

රුපියල බාල්දු වී ජීවන වියදම ඉහළට ! 

රජය ආනයනයන් සීමා කරමින් ඩොලරයට සාපේක්ෂව රුපියල රැක ගැනීමට උත්සාහ කලත් පසුගිය සතියේ ඩොලරයේ විකුණුම් මිළ රුපියල් 193.05 දක්වා ඉහළ ගියේය.

මේ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, සීනි, පොල්තෙල්, මුං ඇට, තුනපහ  ඇතුලු සියලුම ආහාර ද්‍රව්‍යවල මිළ ජනවාරි මස සිට ඉහළ යා හැකි බව වෙළඳපළ විෂ්ලේශකයන් සඳහන් කරයි.

මෙම හේතුව නිසා 5.5% ක ප්‍රමාණයක පවත්වාගෙන ගිය උද්ධමණය  6.5% - 7% ක ප්‍රමාණයකින් ඉහළ හා හැකිය.

ආර්ථිකය හැසිරවීම පිළිබඳ නොයෙකුත් අනාවැනි කියන ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාද පසුගිය සතියේ සදහන් කළේ කොවිඩ් 19 වසංගතය නිසා ලෝක වෙළඳපළේ භාණ්ඩ මිළ ඉහල ගොස් එම තත්වය ශ්‍රී ලංකාවට ද බපලාන බවත්, ශ්‍රී ලංකාවේ අපනයන්ටද එම මිළ ඉහළ යාම බලපාන බවත්ය. 

තව දුරටත් ඔහු සඳහන් කර සිටියේ මෙවැනි වාතාවරණයකදී භාණ්ඩ මිළ පාලනය කර උද්ධමණය පාලනය කළ නොහැකි බවයි. ඒ අනුව ඉදිරියෙදී අධික ජීවන වියදම ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකිය. 

තවද ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 5.6 දක්වා පහත වැටී ඇති අතර මීට මාස 3 කට පෙර එය ඩොලර් බිලියන 7.2 ක් විය. විදේශ විනිමය අනුපාතය ඉදිරි මාස තුන තුලදී ඩොලරයකට රුපියල් 225/=  - 230/= ක මුදලක් ගෙවීමට සිදු විය හැකි බව මූල්‍ය විශ්ලේෂකයන් සඳහන් කරන අතර එසේ වුවහොත් සියලුම භාණ්ඩවල මිළ ඉහළ හා හැකිය.

(Lin news)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න