කෝටි 1200ක EPF පොල්ලක් !

කෝටි 1200ක EPF පොල්ලක් !

සේවක අර්ථසාධක අරමුදලට ලැබිය යුතු රුපියල් කෝටි 1200ක දායක මුදල් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් ගෙවා නැති බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා හෙළිකර තිබේ.

පසුගිය 2020 ජනවාරි පළමුවන දින වන විට මෙම මුදල ගෙවිම පැහැර හැරි අතර මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු 11549 විභාග වෙමින් තිබූ බවද ප්‍රකාශ කර ඇත.

මෙම නඩු අතරින් 4451ක් වින්දිතයන් විසින් අත්හැරදමා තිබීම විශේෂත්වයකි.

දිගින් දිගටම නඩු පමාවීම නිසා ඔවුන් මෙසේ අත්හැර දමා ඇති බව පැහැදිලි වේ.

කෙසේ වෙතත් මෙම සියලු තත්වයන් යටතේ මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් අරමුදලට බැර කළ යුතු රුපියල් කෝටි 1200ක් වූ අතිවිශාල මුදලක් වංචනික ලෙස ගෙවීම් පැහැර හැර ඇත.

මූලාශ්‍රය දිනමිණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න