සිනමා ශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

සිනමා ශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්ල 2020 මාර්තු මස සිට සිනමාශාලා වසාදැමීම නිසා මුල්‍ය දුෂ්කරතාවන්ට ලක්වූ සිනමාශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සිනමාශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එකඟතාවය ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.

ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන්උපදෙස් පරිදි මේ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ විදුලිබල අමාත්‍ය ඩලස් අලප්පෙරුම අතර සාකච්ඡාවක් පවත්වන ලද අතර, එහිදී මෙම සහන ලබාදීමට තීරණය කළ බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි.

ඒ අනුව 2020 මාර්තු මස සිට දෙසැම්බර් දක්වා වූ ගෙවීම් නොකරන ලද සිනමාශාලා විදුලි බිල්පත් මාස 12 කින් (සමාන වාරික 12 කින්) පියවීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

එමෙන්ම මෙම කාලසීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි නොකිරීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා වන උපදෙස් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට ලබා දී තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ වාතාවරණය මත සිනමාහල් හිමියන් මුහුණ දෙන ආර්ථික අභියෝග මෙන්ම නවීන ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඇතුළු තාක්ෂණික මෙවලම් දිගු කාලයක් අක්‍රීයව තැබීමෙන් දෝෂ ඇතිවීම වැනි තත්වයන් ද චිත්‍රපට ප්‍රදර්ශනකරුවන්ගේ සංගම් මගින් කළ ඉල්ලීම් ද මෙම තීරණය ගැනීමේදී සැලකිල්ලට ගෙන ඇත.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචිල දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලා 194 ක ට පමණ මෙම විදුලි බිල්පත් ගෙවීමේ සහනය හිමි වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න