මූල්‍ය සාක්ෂරතාව ඉහළ නංවමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව මුදා ගැනීම සඳහා වන දීප ව්‍යාප්ත වැඩසටහන හෙට (02) අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ උපදෙස් පරිදි සමෘද්ධිල ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබයි.
මීට අමතරව සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම ද මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත ය. මෙම කරුණු අනාවරණ වූයේ 2021 නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ වෙනුවෙන් අද (01) පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති උත්සවයේ දී ය.
අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය සඳහා ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටියහ.
හෙට පෙරවරු 10ට සාලියපුර සමෘද්ධි බැංකුවේ දී අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රධානත්වයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන ආරම්භ කෙරේ. මීට සමගාමීව හෙට සහ අනිත්දා දෙදින අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 54 මගින් නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට අපේක්ෂිත මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන යටතේ මුදල් කළමනාකරණය ණය ලබා ගැනීම සඳහා සුදුසු ආයතන මොනව ද?, ණය මුදලක සැබෑ පොලිය හඳුනා ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සරල ලෙස ජනතාව දැනුම්වත්කිරීම මෙහි දී සිදු කෙරේ.
ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවීම ජාතික උවදුරක් බවට පත් ව ඇති අතර ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් 40්සිට 360්‍දක්වා 2021 – 01 - 01 වන පරාසයක පොලී අනුපාත යටතේ ණය ලබා දී ඇති බව අනාවරණ වී තිබේ. ඒවායේ අතුරු ප්‍රතිඵල ලෙස ණය ගෙවා ගත නොහැකිව ජනතාව ගම්බිම හැරයාමේ සිට සිය දිවි නසා ගැනීමේ සිද්ධීන් ද වාර්තා වී ඇත.
මෙම මූල්‍ය සමාගම් නියාමනය සඳහා නීති පද්ධතිය සකස් කෙරෙන අතර එම උගුලේ නොවැටීම සඳහා ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි. දැනට ණය බරින් පීඩාවට පත් සමෘද්ධිලාභීන් ඉන් මුදා ගැනීම සඳහා සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ. වැඩි දුරටත් අදහස් දැක් වූ ෂෙහාන් සේමසිංහ මෙසේ ද පැවැසීය.
‘‘වැඩි දෙනෙකුට අවබෝධයක් තියෙන්නෙ සමෘද්ධි බැංකුව සමෘද්ධි ප්‍රතිලාභීන්ට පමණක් ප්‍රතිලාභ ලැබෙන බැංකුවක් විදියටයි. නමුත් ඒක සමෘද්ධිලාභීන් පමණක් සීමා වෙලා නෑ. අඩු ආදායම්ලාභීන්ට වගේ ම ව්‍යාපාරයක් කරන්න පුළුවන් කර්මාන්තයක් කරන්න පුළුවන් සියලු ම දෙනාට අවකාශය තියෙනව ඒ බැංකු පද්ධතියත් එක්ක එකතු වෙන්න. විශේෂයෙන් ම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේ දී බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත ළඟාවීමට අවශ්‍ය ශක්තිය අපේ අමාත්‍යාංශයට තියෙනවා. ඒ වගකීම අපි නිසි ආකාරව ඉටු කරනව කියලත් මම කියන්න කැමැතියි.” අමාත්‍යවරයා පැවැසීය.
මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ යටතේ වන සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය සහ සුන්දර ගමක් කාර්යාලය විවෘත කිරීම ද අද පෙරවරුවේ අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

