මහ බැංකුව ඇතුළු නියාමන ආයතන බලය අහෝසි කෙරේ !

මහ බැංකුව ඇතුළු නියාමන ආයතන බලය අහෝසි කෙරේ !

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රටේ විවිධ ක්ෂේත්‍රයන් නියාමනයට ලක්කරන ආයතන සිය  කටයුතු වලට බාධාවක් බැවින් එම ආයතන සතු බලතල සංශෝධනයට ලක්කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ  යෝජනාවක සඳහන් වේ.

 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ වත්මන් කාර්‍ය අහෝසි කිරීම සඳහා පසුගිය දෙසැම්බර් 21 වැනිදා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ මේ බව සඳහන් වේ.
 
ශ්‍රී ලංකා මහ බැංකුව , ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව , ශ්‍රී ලංකා සුරැකුම් පත්  හා විනිමය කොමිෂන් සභාව , පරිසර අධිකාරිය , සමාගම් රෙජිස්ටාර් ,  පාරිභෝගික අධිකාරිය, ඖෂධ අධිකාරිය , විශ්වවිද්‍යාල කොමිෂන් සභාව , මහජන උපයෝගීතා කොමිෂන් සභාව හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, එම ආයතන වශයෙන් සඳහන් කර ඇති අතර එය තවදුරටත් පැහැදිලි කර ඇත්තේ මේ ආකාරයටය.
 
 " මෙයට අමතරව තවත් නියාමන ආයතන පවතින අතර මෙම ආයතන නියාමන ක්‍රියාවලිය තුළ ඒකාධිකාරී ආයතන වලට තරගකාරී පරිසරයක් ඇතිකර , පාරිභෝගිකයන්ට තරගකාරී මිල හා ඉහළ ප්‍රමිතියකින් යුත් සේවා සැපයීමට අවශ්‍ය පියවර ගැනීම වෙනුවට , එම සේවා සපයන ආයතන කළමනාකරණය හා පාලනය කිරීමේ තැන දක්වා දක්වා සිය ක්‍රියාවලිය පුළුල් කර තිබීම ආර්ථික හා සමාජ සංවර්ධනයට ඉමහත් බාධාවක් වී ඇත. තවද මහජන උපයෝගීතා කොමිසම විදුලිය, ජලය, අපද්‍රව්‍ය  කළමනාකරණය , ඛනිජ තෙල් පෙනී සේවා නියාමනයන් ද ඇතුළත් වන පුළුල් රාජ්‍ය හා පෞද්ගලික තරගකාරිත්වය තුළ ආයෝජනය , මහජන සුබසාධනය හා ගුණාත්මකභාවය වැඩි වන අයුරින් කටයුතු කළ යුතු වුවත් මෑත කාලීන අත්දැකීම් තුළ ශ්‍රී ලංකා මහබැංකුවේ සිට මහජන උපයෝගීතා කොමිසම දක්වාම අමිහිරි  අත්දැකීම් වාර්තා කර ඇත."
 
එහි වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ රජයට විකල්ප දෙකක් ඇති බවත් ඉන් එකක් වන්නේ නියාමන ආයතනය නො වෙනස් කර , එමඟින් ආර්ථික වර්ධනය හා සමාජ ස්ථායි භාවය අනතුරේ තබාගනිමින් එම ආයතන එසේම පවත්වාගෙන යෑමට ඉඩ දීම බවයි. අනෙක් විකල්පය වන්නේ අයවැය මගින් යෝජනා කර ඇති පරිදි හා ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් පරිදි එම ආයතන සතු බලය ආයතන කීපයක් තුළින් විමසා බැලෙන පරිදි ප්‍රතිපත්ති සකස් කළ යුතු බවයි.
 
මෙම පුවත 2021-01-03 අනිද්දා පුවත්පත පළමු පිටුවේ  ප්‍රධාන පුවත ලෙස වාර්තා කර ඇති අතර ඒ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසිනි.
 
මේ අතර එම පුවත්පතේ දෙවැනි පිටුවේ  මහජන උපයෝගිතා කොමිසම සම්බන්ධ තවත් පුවතක් වාර්තා කර ඇත. නිත්‍යා සෙව්වන්දි විසින් වාර්තා කර ඇති එම පුවත පහත දැක්වෙයි.
 
මහජන උපයෝගිතා කොමිසම විමර්ශනයක් ඉල්ලයි !
 
විදුලි බලාගාර ඉදිකිරීම මාදු වන අයුරින් තම කොමිසම කිසි ලෙසත් කටයුතු කර නොමැති බවත් මේ පිටුපස තිබෙන සත්‍ය අනාවරණය කිරීමට පූර්ණ බලැති විමර්ෂණ කමිටුවක් පත්කරන ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා සේවක සංගමයේ සභාපති ආචාර්ය නිලන්ත සපුමානගේ පවසයි.
 
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය කළේ 2011 වසරේ සිට විදුලි ජනන පද්ධතියට අදාළ සැලසුම් සඳහා අනුමැතිය  ලබාදීම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය වන අතර එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට බවයි. එහිදී විදුලි බලාගාරය ඉදිකිරීම වෙනුවට හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා යම් පාර්ශ්වයන් කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධ වගකීම පවතින්නේ මහජන උපයෝගිතා කොමිසමට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න