විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි Online ක්‍රමයට

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි Online ක්‍රමයට

රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ.

විදේශ ගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුලත් කිරිමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.

එලෙස ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සඳහා අදාල පැමිණිලි කරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් ලැබේ. අනතුරුව අදාල පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසු ඒ බව දන්වා නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් ලැබේ.

මෙම පැමිණිලි ඉදිරිපත් කිරිමේ පහසුකම මගින් තමන් සේවය කරන රටේ තානාපති කාර්යාලයට නොගොස්, තම පැමිණිල්ල ජංගම දුරකථනයෙන් හෝ පරිගනකය මගින් යොමු කිරිමට හැකිවේ.

එසේම විදේශ ගත ශ්‍රමිකයාගේ පවුලේ ඥාතියෙකුට වුවද, අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල කාර්යාංශයට හෝ පළාත් කාර්යාලයකට නොපැමිණ ජංගම දුරකථනයෙන් හෝ පරිගනකය මගින් යොමු කිරිමට හැකිවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න