මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඔහුගේ හෝ ඇයගේ සහ ඔවුන්ගේ පවුල්වල අභිමතය පරිදි ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) පවසයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය එම නිගමනය ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් සම්බන්ධයෙන් බල පැවැත්වෙන අනිවාර්ය ආදාහනය පිළිබඳ කාරණය පිළිබඳව ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අධ්‍යයන පත්‍රිකාවක් මගිනි.
මළ සිරුරුවලින් නව කොරෝනාවෛරසය ආසාදනය වීමේ අවදානම පිළිබඳව අදහස් දක්වන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්වසන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCIRD) විසින් 2020 ඔක්තෝම්බර් මස යාවත්කාලීන කරන ලද අළුත්ම විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව සාර්ස්-කොවිඩ්-2 රෝගය පැතිරීම මූලික වශයෙන් ශ්වසන ජල බිඳිති හරහා ආසාදනය වෙන බව පැහැදිලිව තහවුරු කර ඇත.
ඒ අතරම, සම්බන්ධතා සම්ප්‍රේෂණය සහ වාතයෙන් සම්ප්‍රේෂණය වීමත් සිදුවිය හැකි නමුත් සම්ප්‍රේෂණය ආසාදනය වියහැකි ප්‍රධාන මාර්ගය නොවන බවත් සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයමෙම යාවත්කාලීන කරනලද විද්‍යාත්මක නිගමනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජූලි මාසයේ කලින් නිකුත්කරන ලද සාක්‍ෂි සංක්ෂිප්තයට සමාන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංවිධානය, මිලියන අසූවකට අධික ආසාදිත ප්‍රජාව සහ මිලියන 1.7කට අධික මරණ ප්‍රමාණය අනුව සාර්ස්-කොවිඩ්-19 සම්ප්‍රේෂණයවීමට අදාළ සාක්ෂිවල වෙනසක් සිදුව නැතැයි ද ප්‍රකාශ කරයි.
(බීබීසී )

