Language Switcher

V2025

දේශපාලන පිංගුත්තරයෙක් එක්ක මොන කතාද : විමල්ගෙන් චම්පිකට දැඩි ප්‍රහාරයක් ! (වීඩියෝ )

විමල්, බන්දුල , ගම්මන්පිළ ඇතුළු ආණ්ඩුවේ පිරිසක් තමන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔවුන් සිටින්නේ තමන් සමඟ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මේ දිනවල කියමින් සිටින නමුත් ඔහු සමඟ සාකච්ඡා කරනවා තබා පැත්තවත් නොබලන බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.  

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) දෙරණ නාලිකාවේ "අංශක 360" දේශපාලන සම්මුඛ සාකච්ඡාවට සහභාගීව අදහස් දක්වමිනි.    "පාඨලී චම්පික කියා කියා යනවලු විමලුයි බන්දුලයි, ගම්මන්පිලයි ,  මම ඔක්කොම කතාකරනවා, ඒගොල්ලෝ ඉන්නෙ මාත් එක්ක, වැඩක් දෙන්න ඉන්නෙ කියලා. බලනවා , කතා කරනවා තියා පැත්ත බලන්නෙ නෑ ඔය දේශපාලන පිංගුත්තරයාගේ."

යනුවෙන් එහිදී අමාත්‍යවරයා අදහස් දක්වා සිටියේ වාඩාත් ආවේගශීලී ලෙසය.   එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.   " චම්පික රණවකලා එක්ක හදන්න පුළුවන්ද නව බලවේග ? ප්‍රතිපත්තියක් නැති, ස්ථාවරයක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕන අශුචි වලක ලගින්න පුළුවන්, තමන්ම දොන් ජුවන් ධර්මපාල , පෙරිය බණ්ඩාර කියපු රනිල් වික්‍රමසිංහව දියසෙන් කුමාරයා හැටියට භාරගන්න පුළුවන්, අවස්ථාවාදයේ කප්පිත්තා එක්ක ගහන්න පුළුවන් දේශපාලන කඳවුර මොකක්ද ?"  

සජබ අභ්‍යන්තර කතාබහක් !  

මේ ආකාරයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට දැඩි වාචික ප්‍රහාරයක් එල්ලකර සිටි පුවත ලෙස වාර්තා වන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තරයේ සිදුවූ බවට ප්‍රසිද්ධවූ කතාවක් වන අතර ඒ මෙසේය.  

එහිදී සමගි ජනබලවේගය තුළ උප නායක තනතුරු 6න් එකක් ලෙස පත්කර  චම්පික රණවක මන්ත්‍රීවරයාට ඊට වඩා වැඩ කොටසක් ඉටුකිරීමට පක්ෂයේ ඉහළ තනතුරක් දෙන ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතින් එම පක්ෂයේම මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලා ඇත. විමල්, බන්දුල, දිනේෂ්,වාසු, ගම්මන්පිළ  වැනි ආණ්ඩුවේ පිරිසක් මේ වන විටත් සාකච්ඡා බවතින බවත් එහිදී ප්‍රකාශවී තිබේ.  

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂය පිහිටවූ මුල් වකවානුවේ චම්පික සජිත්ගේ දෙවනියා ලෙස පෙනී සිටියත් 43 සේනාංකය පිහිටුවීමට ක්‍රියාකිරීම හරහා සජිත් පසුකර යන තත්ත්වයක් ගැන සජිත්වාදී පාර්ශවයට සැකසිතී ඇති අතර චම්පික මන්ත්‍රීවරයාව පසෙකට කර ඇත්තේ ඊට පසුවය.   

කෙසේවුවත් මේ වන විට සජබ මන්ත්‍රී කණ්ඩායමේ 15කට අධික පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුණගැසී පවසා ඇත්තේ චම්පික රණවක මන්ත්‍රීවරයාට ඉහල තනතුරක් අවශ්‍ය බවය. මේ වන විට ඒ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීමට සජබ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර වෙත පවරා ඇති බවත් වාර්තා වෙයි.