අද සිට කොළඹ ජාතික රෝහලෙන් පී.සී.ආර් පරීක්ෂණ

අද සිට කොළඹ ජාතික රෝහලෙන් පී.සී.ආර් පරීක්ෂණ

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කල පී.සී.ආර් පරීක්ෂණාගාරය තුළින දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ දෙසීයක් සිදු කර ගැනීමේ හැකියාව ලැබී ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ  පවසයි.

මෙම රෝහලේ පරීක්ෂණ කටයුතු 12 අද දින සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මේ වන තෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදු කර ගෙන තිබෙන අතර අද දින සිට පැය පහක් වැනි කාලයක් තුළදී මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකි වනු ඇත.

එමගින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම කඩිනමින් සිදු කිරීමට හැකි බව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13 ක ආධාර තිස්ස ද සිල්වා පදනමෙන් සහ රුපියල් ලක්ෂ 50 ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය හේමාස් ආයතනය මගින් ලබා දී ඇත. එම නවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය සහ මගපෙන්වීම සිදු කරනු ලැබුවේ හෘද රෝග වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසිනි.

අද පෙරවරුවේ මෙම රසායනාගාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අයිතිය පැවරීමේ ලියකියවිලි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, තිස්ස ද සිල්වා පදනම නියෝජනය කරමින් ඩෙවන් පීරිස්, සුරංජන් පෙරේරා, ඔෂාන් සේනානායක, අනිල් ද සිල්වා, ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන ස්ටැන්ලි අමරසේකර, නිමාලි ප්‍රනාන්දු, වජිර සේනාරත්න, ජානකී අබේනායක යන මහත්මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න