රිටිගල පැණිය : වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත කඩලා !

රිටිගල පැණිය  : වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත කඩලා !

උකුසු බිත්තර හා එම කැදලි ඉවත් කිරීම හා විනාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ බව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ සඳහන්ව ඇති බවත් පරිසරවේදී හා නීතීඥ ජගත් ගුණවර්ධන සඳහන් කරයි.

ඇතැමුන් උකුසු බිත්තරවලින් කොරෝනා නසන ඖෂධ හදන බව පැවසුවද එහි නීතියම තත්ත්වය මේ ආකාරයෙන් බවත් ඔහු කියා සිටියේය.

උකුස්සන් බිත්තර දමන්නෙ ඉතා උස් ගස් වල බවත් ඒ අනුව එම කැදලි මිනිස් ඇසට දැකීම ඉතා දුර්වල බවත් වසන ඔහු ඇතැම් උකුසු විශේෂ මේ වන විට වඳවෙමින් යමින් ඇතැයිද පැවසීය.

උකුසු බිත්තර හෝ කුරුලු කැදලි විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

උකුස්සන් වසරකට බිත්තර දමන්නේ දෙකක් පමණක් බවත් ඒ දමන්නේද ඉතා උස් ගස්වල බවත් ඒ තත්ත්ව යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කොරෝනා ඖෂධ නිෂ්පාදනයට තබා දැක දැක ගැනීමට තරම්වත් මෙම උකුසු බිත්තර සොයා ගැනීමට අසීරු බව ද ඔහු තවදුරටත් පැවසීය.

මේ බව සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Capture

එසේම පසුගියදා ස්වාධීන රූපවාහිනී සේවය එම ආයතන පරිශ්‍රයට කැඳවා එහි සේවක සේවිකාවන්ට පොවනු ලැබුවේද, තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව කීවේද මේ  රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ නමින් පෙනී සිටි තැනැත්තාය.

fb107580 84f68a55 f728ebd4 itn edited 850x460 acf cropped 850x460 acf cropped

ලංකාවේ මිත්‍යාව කොතරම් රාජ්‍ය මාධ්‍ය තුළ කොතරම් ජාන ගතව ඇත්දැයි කියනවා නම් ITN කිසිඳු විමසීමකින් තොරව රාවණ පැණියට ලබාදුන් ප්‍රචාරයෙන් පෙන්නුම් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න