වරාය වෘත්තීය සමිති - ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි !

වරාය වෘත්තීය සමිති - ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට ලබාදීමට ආණ්ඩුවේ සූදානම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වරාය වෘත්තීය සමිති අතර අද (13) පැවති සාකච්ඡා අසාර්ථකවූ බව වාර්තා වෙයි.  

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ අරගලයේ වරාය වෘත්තීය සමිති 23ක් තිබුණද  මෙම සාකච්ඡාව සඳහා කැඳවා තිබුනේ 11ක් පමණක් බවත් රජයේ පාර්ශවයෙන් මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයාට අමතරව බැසිල් රාජපක්ෂ, වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, වරාය අමාත්‍යාංශ ලේකම් යූ.ජී.සී ජයලාල්, වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක යන අයද සහභාගීවූ බවත් වාර්තා වෙයි.

එහිදී වෘත්තීය සමිති වෙනුවෙන්  ශ්‍රීලනිප වෘත්තීය සමිතියට හෝ වෙනත් වෘත්තීය සමිති වෙත ලැබුණේ සීමිත වෙලාවක් බවත් දැනගන්නට ඇත. 

අදාළ සාකච්ඡාවේදී   ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කල බවත්  ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම සඳහා 49%ක කොටස් ලබාදීමේ ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න