යළිත් දඩයම් යුගයක් : ආණ්ඩු හිතවාදීන් රතු එළි දල්වයි !

යළිත් දඩයම් යුගයක් : ආණ්ඩු හිතවාදීන් රතු එළි දල්වයි !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගැනීමේ සටනේ නිරත වන වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටත්, ඉන්පසු වරාය අධිකාරියෙන් ඉවත් කිරීමටත් වන සැලැස්මක් මේ වනවිට දියත් වෙමින් පවතින බවත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වන බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ඒ ආණ්ඩුවේ ජාතිකවාදී මත දරන  අමාත්‍යවරයකු ගේ සහ සංවිධාන කිහිපයක මතය සහ  උපදේශකත්වය යටතේ පවත්වාගෙන යන බව සඳහන් ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය විසින්ය.

අදාළ පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ  වරාය ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල අරගලය නැගෙනහිර පර්යන්තය විකිණීමෙන් එළියට ගෙන ගොස් වෙනත් දිශාවන් ඔස්සේ ගමන් කරවීමද එම වැඩපිළිවෙළේ කොටසක් බවට පත්ව ඇති අතර එමගින් අනෙකුත් වරාය සේවකයන් බියවද්දා වෘත්තිය සමිති අරගලය කඩාකප්පල් කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ප්‍රකාශ වන බවය.

"දේශපාලන පක්ෂ භේදයකින් තොරව වරාය වෘත්තීය සමිති විසිතුනක්, නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ අරගලයට මේ වනවිට උරදී සිටී" යනුවෙන්ද එම පුවතේ සඳහන් කර ඇත.

ලීඩ් නිව්ස් පුවත !

Captureleadnews

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න