සංචාරකයන්ගෙන් කොරෝනා පැතිරෙන්නේ නෑ : ඇමතිගෙන් සහතිකයක් !

සංචාරකයන්ගෙන් කොරෝනා පැතිරෙන්නේ නෑ : ඇමතිගෙන් සහතිකයක් !

සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවධානමක් නොමැති බවත් ඒ පිළිබද අනිසි බියක් ඇති කර ගතයුතු නැති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දෙයි.

රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර ඇතැයිද ඔහු පවසා ඇත.    

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ හෙට (21) සිට සංචාරකයන්ට රට විවෘතවීම නිමිත්තෙන්  ඊට අදාලව කටුනායක ගුවන්තොටුපොල ක්‍රියාකාරීත්වය පිළිබදව අද (20) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේද පවසා ඇත.

හෙටසිට සංචාරකයන් පැමිණෙ මත්තල සහ කටුනායක ගුවන්තොටුපොලවල් වල සේවකයන්ට අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමන කරන ලෙස දැඩි ලෙස උපදෙස් දී තිබෙනවා.  ගුවන්තොටුපොල කටයුතු හෙට සිට සාමාන්‍ය කරනය වුනත් එය සිදුවන්නේ සේවා අවශ්‍යතාවයන් හදුනා ගනිමින්.

මේ සියළුම දෙනාට ආරක්ෂිත ඇදුම් කට්ටල මුඛ ආවණ, අත් ආවහණ සහ දෑත් පිරිසිදු කිරීම අනිවාර්යය කර තිබෙනවා. මෙම සෞඛ්‍ය නීති අනුගමනය නොකරන කිසිවෙකුට හෙට සිට ගුවන්තොටුපොල පරීශ්‍රය තුල කටයුතු කල නොහැකියි.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපොල පරිශ්‍ර තුල තීරුබදු රහිත සාප්පු, බැංකු සේවාවන් සහ වෙනත් ව්‍යාපාරික කටයුතුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සිට විවෘත කෙරෙනවා.දිවයිනට පැමිණෙන සංචාරකයන් සහ විදසේ ගත ශ්‍රමිකයන් වෙන් වෙන් මාර්ග දෙකක් ඔස්සේයි ගුවන්තොටුපොලෙන් පිටව යන්නේ විදෙස් ගත ශ්‍රමිකයන් සහ සංචාරකයන් අතර සම්බන්ධයක් ඇති වන්නේ නැහැ.

සංචාරකයින්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයින්ටත් බෝ නොවීම සදහා අපි සියළුම ක්‍රියාමාර්ග ගන්නවා.

ඒ අනුවයි අපි මේ සියළු ක්‍රමවේදයන් හදලා තියෙන්නේ.

සංචාරකයෙකු ඒ රටෙන් පිටවෙලා, කටුනායක හරි මත්තල හරි ගුවන්තොටුපොලින් රට ඇතළු වුන පස්සේ ඔහු අනුගමනය කල යුතු ක්‍රමවේදය අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.

මේ සංචාරක ක්ෂේත්‍රයෙන් මිලියන 03කට ආසන්න පිරිසක් යැපෙනවා.

සංචාරක ක්ෂේත්‍රය රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනවා. මෙය කඩා වැටුනොත් රටේ ආර්ථිකය අවධානමේ. 

පෙබරවාරි 19වෙනිදා ඉදලා අවුරුද්දකට ආසන්න කාලයක් අපි මේ රට සංචාරකයන්ට වහලා තිබුණා. මත්තල සහ කටුනායක ගුවන්තොටුපොල අපි භාවිතා කලේ විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගේන්න විතරයි.

අපි 70000කට අධික පිරිසක් දිවයිනට ගෙනල්ල තියෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න