සීෂෙල්ස් මහ කොමසාරිස් ධූරයට පවුලේ ඥාතියෙක් !

සීෂෙල්ස් මහ කොමසාරිස් ධූරයට පවුලේ ඥාතියෙක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් සීෂෙල්ස් දූපතේ නව මහකොමසාරිස් පදවියට පවුලේ සමීපතම ඥාතියකු නම් කර ඇත. 

ඒ අනුව නම් කර ඇති ඥාතියා වන්නේ රාජපක්ෂ පවුලේ ආර්යාවකගේ බාල සොහොයුරා වන අතර නම ශ්‍රීමාල් වික්‍රමසිංහය.

මේ සම්බන්ධව තොරතුරු අනාවරණය වන්නේ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම් විසින්  මේ නම දැන්වීමක් හරහා ප්‍රසිද්ධ කර කිරීම හරහාය.  

ඒ  දැන්වීමේ ශ්‍රීමාල් වික්‍රමසිංහ ගේ  ශ්‍රී ලංකාවේ ලිපිනයක් සඳහන් කර තිබුනත් අප ආරංචි මාර්ග පවසන්නේ  දැනට ඔහු  බ්‍රිතාන්‍යයේ සිටින බවය.

ශ්‍රීමාල් වික්‍රමසිංහ  පසුගිය මහින්ද පාලන සමයේ 2010 - 2015 කාලය තුළ  පත්කර සිටියේ  වියානා නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙසය.  

WhatsApp Image 2021 01 20 at 9.48.15 AM

එසේම සීෂෙල්ස් රටේ ලංකාවේ තානාපති කාර්යාලයක් ආරම්භ කළේ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ වන අතර ඒ සමයේ විපක්ෂය එය විවේචනය කළේ  කළු සල්ලි සුදු කිරීමට පහසුවට මේ කටයුත්ත සිදුකල බව පවසමින්ය.

ජානක බණ්ඩාර නයිජීරියාවට !

janaka bandaraඑසේම  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දැනුම්දීම අනුව පලකළ දැන්වීමේ තවත් නමක් ඇත. ඔහුද මහින්ද රාජපක්ෂ අගමැති තුමාගේ සමීපම ඥාතියෙක් වන  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක බණ්ඩාර ය.

ඔහුට ලැබී ඇති තනතුර  නයිජීරියාවේ මහ කොමසාරිස් පදවියය.  

හිටපු මහේස්ත්‍රාත්වරයෙක් වුණු ජානක බණ්ඩාර මහින්ද පාලනය කාලයේ   මහා භාරකාරයේ වගේම  සබරගමුව පළාතේ ආණ්ඩුකාර පදවියත් දැරීය.

කෙසේ වුවත් මේ ආකාරයට ඥාතීන් ආණ්ඩුවේ ඉහළ තනතුරු සහ තානාපති ධුර සඳහා පත්කිරීම සම්බන්ධව මෙවර විපක්ෂය වෙතින් පසුගිය මහින්ද පාලනයේ තරම් විරෝධයක් කොහෙත්ම දකින්න නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න