උතුරේ හුදෙකලා දූපත්වලටත් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය

උතුරේ හුදෙකලා දූපත්වලටත් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය

නාගදීපය, ඩෙල්ෆ්, අනලතිව් ඇතුළු උතුරේ හුදෙකලා දූපත් වලටත් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා දීම සදහා ඇමති ඩලස්ගේ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව පරිසර හිතකාමී, අවම මිලක් යටතේ, අඛණ්ඩ, විශ්වාසදායි මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමකට පෙරමං කියාපාමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමියෙන් බැහැර, දූපත්වාසීන් වෙනුවෙන් සූර්ය, සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපයෝගී කරගනිමින් විදුලිය ලබාදීමේ නව වැඩපිළිවෙලක්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව, විදුලිබල අමාත්‍යංශය සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය එක්ව ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාවට ආසන්නයේ ප්‍රධාන භූමියෙන් වෙන්ව පවතින නාගදීපය, ඩෙල්ෆ් සහ අනලතිව් යන දූපත් කේන්ද්‍ර කරගනිමින් මෙම දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ආරම්භ කෙරෙන අතර, මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වන අතර ජාත්‍යන්තර තරගකාරී මිලගණන් කැඳවා, ප්‍රතිචාරාත්මක ලංසුකරු වෙත ටෙන්ඩරය පිරිනැමීමට ‍පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවි තිබේ.

delft

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර මත "විදුලි බලය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහායවීමේ ව්‍යාපෘතිය" යටතේ වර්ථමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින අතර ඒ යටතේ අධිකව පවත්නා ස්වභාවික සම්පත් උපයෝගි කරගනිමින් විදුලිබල උත්පාදනය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.

නාගදීපය, ඩෙල්ෆ් සහ අනලතිව් යන දූපත්වල වෙසෙන ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් යෝජිත මෙම ව්‍යාපෘතිය මගින් සුළං බලයෙන් කි.වො.1700 ක් සහ සූර්ය බලයෙන් කි.වො. 530 ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.

ඒ අනුව, අදාළ දූපත්වාසීන්ට මෙතෙක් ඩීසල් උපයෝගී කරගනිමින් අධික පිරිවැයක් මත ලබාදුන් විදුලිය වෙනුවට, අවම පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරත් පවසයි.

සිය ඉතිහාසය පුරාම දුෂ්කරතාවයන් රාශියකට මැදිව, මෙතෙක් කොන්දේසි රාශියකට යටත්ව අස්ථාවර ක්‍රමයන් යටතේ විදුලිය ලබාගත් උතුරු පළාතේ දිළිඳු දූපත්වාසීන්ට විශාල සහනයක් සහ ස්ථාවර විදුලි සැපයුමක් ලබාදීමට හැකිවීම, සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් උතුරේ දමිළ සහෝදර ජනතාව වෙත ඉටුකළ හැකි උපරිම මෙහෙවර ඉටුකිරීමක් බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න