ඇතැම් පෞද්ගලික රෝහල් විසින් PCR පරීක්ෂණ කිරීමට ලබාදුන් අවස්ථාව අධික ලාභ ඉපයීමට භාවිතා කරන බවක් පෙනෙන්නට ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
පෞද්ගලික රෝහල්වල PCR පරීක්ෂණයක් සඳහා අවම ගාස්තුව ලෙස රුපියල් 6500 අය කරන බවත් එය තවත් අඩු කර සාමාන්‍ය ජනතාවට පහසු ලෙස අය කරන ලෙස පෞද්ගලික රෝහල්වලින් ඔහු ඉල්ලීමක් ද කලේය.
හමුදාපතිවරයා මේ අදහස් පල කලේ පුද්ගලික රෝහල් වල රසායනාගාර කාර්ය මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඇතැම් රෝහල්වල සිදු කරන පරීක්ෂණවල නිවැරදි තාවය පිලිබඳ ගැටළු ඇති වී තිබෙන බවද කී ඔහු එම පරීක්ෂණ කිරීම සඳහා අවසර දී ඇති පෞද්ගලික රෝහල් 30කට පමණ ප‍්‍රමාණයට අයත් නොවන වෙනත් ස්ථානවලද පරීක්ෂණ සිදුකරන බව වාර්තා වී ඇතැයිද පැවසීය.
(මුලාශ්‍රය cnews )

