නීති විරෝධි ඩොලමයිට් දෝනාවක් නිසා මහනුවරම අවධානමේ ! (ජායාරූප )

නීති විරෝධි ඩොලමයිට් දෝනාවක් නිසා මහනුවරම අවධානමේ ! (ජායාරූප )

පල්ලේබැද්ද කොස්වැටිය කන්දේ ඩොලමයිට් කැනීම්වලට ලබා දී තිබූ කොන්දේසි සහිත බලපත්‍රය බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කන්ද මැදින් ගුහාවක් ලෙස දෝනාවක් හාරා ටිපර් රථ දෙකක් ගෙන යාමට හැකි වන ලෙස සිදු කර ගෙන ගිය ව්‍යාපාරයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ භූ කම්පන අවදානමක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් අතුරු හඟවා සිටියි.

භූවිද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශයේ සභාපති අනුර වල්පොල  සඳහන් කළේ තමා යටතේ ක්‍රියාත්මක විශේෂ පරීක්ෂණ අංශය පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ මෙම ස්ථානය හදිසියේ වැටලූ බවත්, එහිදී මෙම නීති විරෝධී ක්‍රියාව හෙළිකරගත් බවත්ය.

ඒ අනුව ඩොලමයිට් සඳහා ලබා දී තිබූ බලපත්‍රයද අවලංගු කර ඇති අතර එහි හිමිකරු සහ ටිපර් රථ දෙකක් ඇතුළු කැනීම් යන්ත්‍රද අත්අඩංගුවට ගෙන ගොඩකවෙල පොලිසියට බාර දී ඇති බව ‘මව්රට’ වාර්තා කරයි.

මේ පිළිබඳව විමර්ශණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත්තේ එම දෝනාව නිසා භූ කම්පනයක් ඇති වීමේ ඉඩ කඩ වැඩි බවයි.

එසේ වුව හොත් උඩවලව ජලාශයට, සමනල වැවට බලපෑම් ඇති විය හැකි බව මහාචාර්යවරයා පැවසූ බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙවැනි අන්දමේ නීති විරෝධී ක්‍රියාවලියක් සිදු වෙතොත් සභාපතිවරයාගේ දුරකතන අංක 0703985003ට දැනුම් දෙන ලෙස ඔහු මහජනයාගෙන් ඉල්ලා සිටියි.

IMG 20210125 WA0012

IMG 20210125 WA0014

IMG 20210125 WA0013

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න