කිසිවක් සත්‍ය නොවේ : චම්පිකගෙන් සටහනක් !

කිසිවක් සත්‍ය නොවේ : චම්පිකගෙන් සටහනක් !

තමන් සම්බන්ධව ව්‍යාජ පුවත් සමාජ ජාල මාධ්‍ය  තුළ සංසරණය වන බවත් ඒ කිසිවක් සත්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.

සිය ෆේස්බුක් ගිනුමේ අද (25) සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඒ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.

චම්පිකගේ සටහන !

සමඟි ජන බලවේගයේ විධායක සභික රැස්වීම අද දිනයේ පැවැත්වෙන බවත් ඒ සදහා සහභාගී වන ලෙසත් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ දිනයේදී මා වෙත ආරාධනා කර සිටියේය.

ඒ අනුව මම අද දිනයේදී එම රැස්වීමට සහභාගී වූයෙමි. එහිදී මා ඇතුලු මා සමඟ දේශපාලනයේ යෙදෙන කණ්ඩායම සමඟි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එම බලවේගයේ විධායක සභාව මා වෙතින් විමසා සිටි අතර මම ඒ සඳහා මාගේ පූර්ණ එකඟත්වය පළ කළෙමි. 

ඒ අනුව එම බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ හමුවේදී සමඟි ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය තුල මා විසින් ඉටුකල යුතු වගකීම් කවරේද යන්න පිලිබඳව සාකච්ජා කොට දැනුම් දෙන බව විධායක සභාව විසින් මා වෙත දැනුම්දෙන ලදි.

මේ වනවිට මෙම රැස්වීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ පුවත් රැසක් සමාජජාල මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

ඒ කිසිවක් සත්‍ය නොවන බව සමගි ජන බලවේගයේ විධායක සභිකයින් විසින් තහවුරු කරනු ඇත. 

පසුගිය මහමැතිවරණයේදී මා වෙත ජන්දය ප්‍රකාශ කල ජනතාව නියෝජනය කරනුයේ සමඟි ජනබලවේගයේ දේශපාලන මතයයි.

ඒ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනීසිටිමින්, නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා සමඟි ජන බලවේගයේ නායකත්වය සහ එහි සහෝදර සාමාජිකත්ව කණ්ඩායම සමඟ ඉදිරියටද ක්‍රියාකරන බව දැනුම්දීමට කැමැත්තෙමි. 

පාඨලී චම්පික ‍රණවක

2021.01.25

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න