අයියා ගොඩනැගූ රාජ්‍ය මල්ලි පාවා දෙනවා : අභයතිස්ස හිමිගෙන් අමුතු බණක් !

අයියා ගොඩනැගූ රාජ්‍ය මල්ලි පාවා දෙනවා : අභයතිස්ස හිමිගෙන් අමුතු බණක් !

“මේක ඉන්දියානු ආක්‍රමණයේ තව එක කොටසක්. අවුරුදු දහස් ගණනක් ස්වෛරීව පැවතුණු මේ රාජ්‍යය ක්‍රමානුකූලව ඉන්දියාවේ තවත් එක ප්‍රාන්තයකට අරගෙන එන වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වෙනවා. මෝදි අග්‍රාමාත්‍යතුමා යම් විදියකින් මේ වරායෙන් ජයග්‍රහණය කළොත් අර රාම – රාවණා කතාවෙ රාවණා පරද්දලා රාම ජයගන්නවා වගේ සිද්ධියක් වෙනවා. ඒ කියන්නෙ හෙට දවසේ ලංකාව දෙවැනි වතාවටත් භාරතය විසින් පරාජයට පත් කරනවා." යැයි මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

ඒ හිමිනම මෙසේ අදහස් දක්වා සිටියේ  වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් නැගෙනහිර පර්යන්තය රැකගැනීමට අදාළ යෝජනාවලිය භාරදීමට  හමුවූ අවස්ථාවේදීය.

එහිදී මැදගොඩ අභයතිස්ස හිමියන් වැඩිදුරටත් මෙසේද අදහස් දක්වා ඇත.

ඉන්දියාව මොනම හේතුවක් නිසාවත් අපේ රට දියුණු වෙනවාට, සෞභාග්‍ය කරා යනවාට කැමති නැහැ. අපි ඒ සෞභාග්‍ය අත්පත් කරගන්නකොට තමයි රාම එන්නේ. රාම එන්න කලින් එවනවානෙ හනුමන්තා. හනුමන්තා කියන්නෙ ගිනි තියන්න එන එක්කෙනෙක්නෙ. වල්ගෙ ගිනි තියාගෙන රටවටේ ගිනි තිබ්බා කියලානෙ කියන්නෙ. වල්ගෙට ගිනි තියාගෙන වඳුරෙක්ට පුළුවන්ද කොච්චරක් රටවටේ ගිනි තියන්න ?

ඒ කියන්නෙ ඇතුළෙ කතාව තමයි ඔත්තුකාරයො ලංකාවට එනවා, ඇවිල්ලා තැන තැන ගිනි තියනවා. එහෙම ගිනි තියතියා ගිහිල්ලා අන්තිමට ලංකාව අවුල් තත්වයකට පත්වෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ. මේ ගින්නෙ ප්‍රබලම තැනට එනවා. අයියයි මල්ලියි තරහා වෙනවා. අයියයි මල්ලියි කියන්නෙ කවුද. රාවණායි විභීෂණයි. අන්තිමට විභීෂණ, ඒ කියන්නෙ මල්ලි පාවා දෙනවා. අන්තිමට අර අයියා ගොඩනඟපු මහා රාජ්‍ය විනාශවෙලා ගිහිල්ලා අවසාන වශයෙන් විභීෂණට සිද්ධ වෙනවා තමන්ගෙ රාජ්‍යයත් නැතිකරලා ඒ තරම් මේ රට පාවාදුන්නු කෙනෙක් බවට පත්වෙන්න.

මේක රාම රාවණා කතාවෙ තියෙන සැබෑ කතන්දරේ. එතකොට අද ඉන්දියාව එන්නේ මේකටමයි. අපි මේ ආක්‍රමණයට අහුවෙලා ඉන්නවා කියන එක දැනගන්න ඕනෙ”.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න