බලහත්කාර ආදාහනයට එරෙහිව එක්සත් ජාතීන්ගෙන් රතු එළියක් !

බලහත්කාර ආදාහනයට එරෙහිව එක්සත් ජාතීන්ගෙන් රතු එළියක් !

කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ  සංවිධානය  විසින් හෙළා දැක ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  විශේෂඥ මණ්ඩලයක් විසින් එහිදී සඳහන් කර ඇත්තේ ලංකාවේ සිදුවන කටයුත්ත සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් බවය.

නිවේදනයක් නිකුත් කරන එම මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත මියගිය පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවතා දමන ලෙසයි.

ශ්‍රී ලංකා රජටේ මෙම තීරණය හේතුවෙන් මුස්ලිම්වරුන් සහ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහීම් වලට බාධා වන බවත් ඒ හේතුවෙන් ප්‍රචණ්ඩතා තවත් ඉහළ යා හැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.

“රටේ සිටින මුස්ලිම්වරුන් සහ වෙනත් සුලුතරයන්ට හිංසා කිරීමක් බවට පත්වන, වෙනස්කම් පෑම, ආක්‍රමණශීලී ජාතිකවාදය සහ වර්ගකේන්ද්‍රීවාදය පදනම් කරගත් මෙයාකාර මහජන සෞඛ්‍ය තීන්දු අපි හෙලා දකින්නෙමු,” යනුවෙන් ජිනීවා නුවර සිට ජනවාරි 25 දා නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න