දර්ශන අදාළ නෑ : රජයේ තීරණ එක්ක ඉන්න - විරුද්ධ මත දරන ඇමතිලාට ජොනී දන්වයි !

දර්ශන අදාළ නෑ : රජයේ තීරණ එක්ක ඉන්න - විරුද්ධ මත දරන ඇමතිලාට ජොනී දන්වයි !

විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියෝත් වෙන්නේ විශාල ප්‍රශ්නයක් බවත් කිසිම ඇමතිවරයකුට පිල් බෙදෙන්න හේතුවක් නොමැති අතර තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිට ගන්න අවශ්‍ය බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

කොට්ටාව මත්තෙගොඩ මාර්ගය හොදින් කාපට් අතුරා තිබියදී ජනතා මුදල් නාස්ති වන ආකාරයෙන් නැවත කාපට් අතුරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව එම මාර්ගයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවක මේ අදහස් දක්වා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන්කර ඇත.

"විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියෝත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. විපක්ෂය කරන්නෙත් සරුංගල් යවන එකයි. විපක්ෂයම එදා මේ දේවල් විකුණන්න දාලා, ගිවිසුම් ගහලා ඔවුන් තීන්දු තීරණ අරගෙන රට හිර කෙරුවා. හම්බන්තොට වරාය අවුරුදු 99යේ ඒවා දෙකකට බදු දුන්නා. ඊළඟට ඉන්දියාව, ජපානය එක්ක ගිහින් ගිවිසුම් ගහලා රට හිර කරලා ඉවරවෙලා දැන් විපක්ෂයම කියනවා අපි වැරදි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඔවුන් කරපු ඒවා පුළුවන් තරම් හොඳ පැත්තකට හරවල තමයි අපි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තොත් අපි ඒ තීරණය උඩ හිට ගන්නවා. කිසිම ඇමතිවරයකුට පිල් බෙදෙන්න හේතුවක් නැහැ. තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිට ගන්න ඕනා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරවලා, අපි මේ රටේ අපේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නිවැරදි තීන්දු තීරණ ගත්තම ඒ තීන්දු උඩ හිට ගන්නයි."

 

සෞභාග්‍යයෙ දැක්ම රජ කරවන්න මේ රටේ මහ පොළොව තුළ මහා සංඝරත්නය ලොකු කැපවීමක් කරා. උන්වහන්සේලාගේ දැනුවත් කිරීම් විවිධ මතවාද ජනාධිපතිගේ දැඩි අවධානය යොමු වෙනවා. ඒ පිළිබඳ ඔබතුමා මොනවද හිතන්නේ යැයි මාධ්‍යාවේදියකු විසින් යොමු කල ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා..

මහා සංඝරත්නය විශාල හයියක් වුණා පසුගිය පිස්සු ආණ්ඩුව එලවන්න වගේම මේ රජය පිහිටුවන්න. උන්වහන්සේලාට අයිතියක් තියනවා ආණ්ඩුවට හරි වැරැද්ද පෙන්නලා දෙන්න. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවම අහනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ආණ්ඩුවක්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න