ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද Oxford-AstraZeneca කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය අද (28) කටුනායක ගුවන් තොටුපොළට ළඟාවී ඇත.
ඉන්දීය ගුවන් සේවයේ A I - 281 දරන ගුවන් යානය එන්නත් තොගය ගෙනා අතර එහි එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු බවත් වාර්තා වෙයි.
මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා රැගෙන ඒමට කටයුතු කර තිබු බවත් වාර්තා වෙයි.
මෙම එන්නත් තොගය නිල වශයෙන් ලංකාවට ලබාදීම සංකේතවත් කකරමින් ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනැමිණ.
{gallery}Oxford-AstraZeneca{/gallery}

