නවීන් සහ අර්ජුන තීන්දු අරගෙන !

නවීන් සහ අර්ජුන තීන්දු අරගෙන !

එක්සත් ජාතික පක්ෂය තුළ  අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ඉටුනොවූ බව පවසමින්  නැවතත් අර්බුදකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඒ සම්බන්ධ මාධ්‍ය හමුවක් අද (28) පැවති අතර ඊට එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස පත්කෙරුණු අර්ජුන රණතුංග ද සහභාගීව සිටියහ.මෙහිදී නවීන් දිසානායක පවසා සිටියේ නායකත්වය ඇතුළුව අපේක්ෂිත ප්‍රතිසංස්කරණ නොවුණු බැවින් තමන් ජාතික සංවිධායක ධුරය භාරනොගත් බවය.

"මම තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මාව පත්කරත් මම එය භාර ගත්තේ නෑ. පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම තමයි එයට හේතුව," යැයිද ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග පවසා සිටියේ , "මමත් තීරණයක් ගත්තා. මට ලබාදීලා තිබුණා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය. තනතුරු බලාගෙන මම දේශපාලනය කරන්නේ නෑ. මම තාමත එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. මම ඉදිරියේදී තීරණය කරනවා. මම කොයි විදිහට ද දේශපාලනය කරන්නේ කියලා," යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න