නැගෙනහිර ජැටිය විකුණන්නෙත් නෑ : බදු දෙන්නෙත් නෑ - අගමැති මහින්ද

නැගෙනහිර ජැටිය විකුණන්නෙත් නෑ : බදු දෙන්නෙත් නෑ - අගමැති මහින්ද

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදු දීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (31) තංගල්ල නිවසේ සිට මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නයට ඇත්ත වශයෙන්ම විපක්ෂය අපිට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි වරාය කාටවත් දෙන්නෙත් නැහැ. විකුණන්නෙත් නැහැ. බදු දෙන්නෙත් නැහැ. එය අපේ පාලනය යටතේ තිබෙනවා. මම හිතන්නේ වෘත්තිය සමිති ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තීය සමිතිවලට කියන්නේ අපි මේ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ එහෙම දෙනවද කියලා. ඒ නිසා මේ ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.

වැඩ වර්ජන කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා.  කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඉන්නේ විකුණන්න ඕනෑ නැහැ කියන පදනමේ. ජනාධිපතිතුමා ඉන්නෙත් ඒ මතයේ. දේපළ විකිණීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙවෙයි අපිට බලය දී තිබෙන්නේ යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න