Language Switcher

V2025

පවිත්‍රාට මඩ ගහපු අයට වැඩ වරදින ලකුණු !

කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇතැයි වේබ් සහ සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන ප්‍රචාර ජනතාව නොමඟ යැවීමේ අදහසින් සිදු කළ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එචි රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත.

කොව්ඩි වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ජිවිත අවදානම ද නොතකා වෛරසය එරෙහිව සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට හා ඊට අදාල වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර, එලෙස රටේ ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට කැපවී කටයුතු කර අද වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබදව මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය කරමින් පළ කිරීම ජනතාව විසින් ද කිසිසේත් අනුමත නොකරනු ලබයි.