Image

ටිරාන් අලස්ගේ විදෙස් ගමන් තහනම ගැන විමසීමට CIDයට නොතීසි!

ටිරාන් අලස්ගේ විදෙස් ගමන් තහනම ගැන විමසීමට CIDයට නොතීසි!

පුවත්පත් මුද්‍රණය සඳහා ලබාගත් කඩදාසි සහ බෝඩ් වෙනුවෙන් හිමිවිය යුතු රුපියල් මිලියන 290ක මුදලක් 'කේසර ලංකා පුද්ගලික සමාගම' වෙත නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, "සිලෝන් නිවුස් පේපර්ස්' සමාගමේ සභාපති ටිරාන් අලස්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ලිහිල් කිරීම පිළිබඳ කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට හෙට (06) විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (05) නොතීසි නිකුත් කළේය.

චීනයෙන් ලැබී ඇති ආරාධනාවකට අනුව දින දෙකක කාලයක් සඳහා එරට සංචාරය කිරීමට අවශ්‍ය බැවින්, එම කාලසීමාව තුළ අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ටිරාන් අලස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ඇතුළු නීතිඥ මඩුල්ල පෙන්වා දුන්නේ, මෙම සිද්ධියට අදාළව අපරාධමය වරදක් අනාවරණය නොවන බවත් එය සිවිල් ගනුදෙනුවක් බවත් පසුගිය 30 වැනිදා අභියාචනාධිකරණය විසින් තීන්දු කර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව දැනට ඇප මත මුදා හැර සිටින සිලෝන් නිවුස් පේපර්ස් සමාගමේ නිලධාරීන් දෙදෙනාද අද දින විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න