තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනමක්

තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනමක්

තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා ප්‍රමිති සලකුණු නිකුත් කරන බව එම අධිකාරිය සඳහන් කරනු කරන අතර, ජාතික පාරිසරික පනත අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී තිබෙන බලතල ප්‍රකාරව එම නියාමනය සිදුකර ඇත.

මේ අනුව යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර ඇත.

මේ බව අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළකර තිබේ.

ඒ අනුව, යම් ක්‍රියාවලියක් වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම හැර සෙසු දෑ පාවිච්චි කිරීම තහනම් කර තිබේ.

  1. ශුද්ධ පරිමාව මි.ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet)

    (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත කිරීම සඳහා හැර,

  2. හුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩු – බැලුන්, බෝල, දිය මත පාවෙන / පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර,

  3. ප්ලාස්ටික් කූර (Stem) සහිත කෝන් බඩ්ස් (cotton buds) වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර අනෙකුත් දෑ පාවිච්චි කිරීම තහනම් වේ.

මේ අතර, අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.

තවද ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මඟින් පරිසර දුෂණය අවම කිරීම අරමුණු කර ගනිමින් එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරනු ලබන සංකේත ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න