ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ නිලධාරින් 337 දෙනෙකුද සෙසු නිලයින් 8,226කට නිල උසස්වීම් (ඡායා)

ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ නිලධාරින් 337 දෙනෙකුද සෙසු නිලයින් 8,226කට නිල උසස්වීම් (ඡායා)

73 වන වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවල නිලධාරින් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8,226 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලය වෙත උසස්කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  විසින් සිදුකෙරිණි.

ඒ අනුව, බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල්වරුන් 35 ක් කර්නල් නිලයට, මේජර්වරුන් 34 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන්වරුන් 206 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන්වරුන් 22 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන්වරුන් 3 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් නිත්‍ය සහ ස්වෙච්ඡා බලසේනා වල නිලධාරින් 337 දෙනෙකු වෙත එම උසස්වීම් පිරිනැමීම සිදුකරනු ලැබීය.

එමෙන්ම, බලලත් නිලධාරින් II වරුන් 212 දෙනෙකු බලලත් නිලධාරින් I නිලයට, මාණ්ඩලික සැරයන්වරුන් 795 දෙනෙකු බලලත් නිලධාරින් II නිලයට, සැරයන්වරුන් 1351 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල්වරුන් 1422 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල්වරුන් 2070 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 2415 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට වශයෙන් සෙසු නිලයින් 8,226 දෙනෙකු අද (04) දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් ලබා ඇත.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු මාසයේ යුද්ධ හමුදාධිපති ලෙස පත්වීම යුද්ධ හමුදා ඉතිහාසයට තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වන්නේ යුද්ධ හමුදා නිලධාරින් 2,476 දෙනෙක් සහ සෙසුනිලයින් 50,860 දෙනෙකුටනිල උසස්වීම් ලබාදෙනු ලැබිණ. ඒ අතර, බ්‍රිගේඩියර් වරුන් 95 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල්වරුන් 181 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල්වරුන් 286 දෙනෙකු කර්නල් නිලයට, මේජර්වරුන් 390 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන්වරුන් 929 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන්වරුන් 434 දෙනෙකු කපිතන් නිලයට සහ දෙවන ලුතිතන්වරුන් 161 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස්වීම් ලබා ඇත.

සෙසුනිලයින් 50,860 දෙනා අතර බලලත් නිලධාරි I නිලයට උසස්වීම් ලද බලලත් නිලධාරි II වරුන් 1540 දෙනෙක්, බලලත් නිලධාරි II නිලයට මාණ්ඩලික සැරයන්වරුන් 4462 දෙනෙක්, සැරයන්වරුන් 6410 දෙනෙක් මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල්වරුන් 9766 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල්වරුන් 13,480 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 15,202 දෙනෙක් ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා ඇත.

ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් නම් දරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රමාද වී තිබූ නිල උසස්වීම් සඳහා අතිගරු ජනාධිපතිතුමන් අනුමැතිය ලබාදීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ස්තූතිය පළ කළේය.

{gallery}73 indipendent{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න