Google.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් !

 Google.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් !

Google.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් එම google.lk වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කිරීමේදී එය වතුකම්කරුවන් මුහුණ දී සිටින රුපියල් 1000 වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ පණිවිඩයක් කරා එය යලි හරවා යැවීමක් සිදුවන බවත් දැනගන්නට ඇත.ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා පරිශිලයින් දැනුවත් කරමින් සඳහන් කරන්නේ .lk වෙබ් අඩවි රැසකට ද මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි. 

ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ පරිඝණක හදිසි සංසදය අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් මේ හේතුවෙන් යම් ගැටළුවකට මුහුණ දී සිටින අයවලුට ඒ සම්බන්ධයෙන් 0114216061 දුරකථන අංකයෙන් හෝ http://NIC.LK වෙබ් අඩවියට පිවිසීමෙන් වාර්තා කරන ලෙසත් දන්වා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න