මහින්දගේ පට්ටම ගෝඨාභයට දෙන්න : විමල් ප්‍රසිද්ධියේ ඉල්ලයි !

මහින්දගේ පට්ටම ගෝඨාභයට දෙන්න  : විමල් ප්‍රසිද්ධියේ ඉල්ලයි !

රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බවද පවසන ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමතිවරයා මේ බව සඳහන් කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි ඇතැමුන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බවත් ඒ පෞද්ගලික බල පෙරේත කම සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බවත් ඒ ගැන විශාල කනගාටුවක් ඇති බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

මෙකී කටයුතු හේතුවෙන්  සිදුවන්නේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබල වීම බවත් එය ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඔහු පවසයි.

ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් ගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න