යුද කලාව සිහිකර SFගෙන් ගෝඨාභයට දේශපාලන පාඩමක් !

යුද කලාව සිහිකර SFගෙන් ගෝඨාභයට දේශපාලන පාඩමක් !

“සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමි හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම යළිත් ගෝඨාභයට සිහිපත් කරමි.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

"1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේදී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බලඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1වන සිංහ රෙජිමේන්තු බලඇණිය බවත් අද වසර 30 කට පසු 2021දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මා බලාපොරොත්තු වන බවත්" ඔහු සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ සටහන තබා ඇත්තේ ඔහුගේ හමුදා නිල ඇඳුමකින් සිටින ජායාරූපයක් ද සහිතව වන අතර එම සම්පුර්ණ සටහන පහත දැක්වෙයි.
 
146116470 10157610761726960 8638443076097808127 o 
"සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමි හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම යලිත් ගෝඨාභයට සිහිපත් කරමි."
 
1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේදී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බලඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1වන සිංහ රෙජිමේන්තු බලඇණියයි. අද වසර 30 කට පසු 2021දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
 
දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටි ඇති බව ඉතාම පැහැදිලියි. ඔබට ජන්දය දුන් 69 ලක්ෂයක ජනතාවම ඔබව හාස්‍යයට ලක් කිරීමෙන්, ඔබ දේශපාලනිකව තනිවී ඇති බව පෙනේ. බලයෙන් උන්මත්තක වී සිටින ඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇත.
ඒ නිසා ගෝඨාභයට මම දෙන උපදෙස වන්නේ, රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තවදුරටත් ප්‍රශ්න හා අර්බුද උග්‍රකර නොගන්නා ලෙසයි.
 
- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා -

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න