ආදිවාසී නායකයත් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට !

ආදිවාසී නායකයත් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට !

තම  නිජ බිම්  මහවැලි අධිකාරිය යටතට පවරාගෙන එයින් අක්කර 5000ක්  බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය ද  ඊට එක්ව ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ තම ශතවර්ෂ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න