විමල් දොට්ට දාන්න කැම්පේන් එක සංජීව එදිරිමාන්නට : රට විරුවන්ටත් කැඳවීමක් !

විමල් දොට්ට දාන්න කැම්පේන් එක සංජීව එදිරිමාන්නට : රට විරුවන්ටත් කැඳවීමක් !

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව සමාජ මාධ්‍ය ප්‍රහාරයක් දියත් කිරීමට පොදුජන පෙරමුණ තීන්දුවක් ගෙන ඇති අතර ඒ වෙනුවෙන් විදෙස්ගතව ක්‍රියාත්මක ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි සඳහා මිල ගණන් කැඳවීමට ක්‍රියාකර ඇති බවත් වාර්තා වෙයි.

විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කැනඩාව , ඇමරිකාව, ඉතාලිය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක පොදුජන පෙරමුණ හිතවාදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්  වෙත ඒ සඳහා දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව දැඩි විරෝධයක් ගොනුකිරීම වෙනුවෙන් වන මේ සමාජ මාධ්‍ය "මඩ" ප්‍රහාරයේ වගකීම පවරා ඇත්තේ පොදුජන පෙරමුණේ ප්‍රචාරක අංශ ප්‍රධානියකු වන  පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වෙතය.

අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙත දැනුම්දීමක් කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වීරවංශ අමාත්‍යවරයා ආණ්ඩුව අත්හැර යනතුරු නොනවතින ප්‍රහාරයක් එල්ල කරන බවත් ඊට අවශ්‍ය සියළු ප්‍රතිපාදන ඇති බැවින් වැඩේ සමග සිටින ලෙස දන්වා ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනූව විමල් වීරවංශ අමාත්‍යවරයා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් එළවීමේ ආරම්භය ලෙස අද (08) පොදුජන පෙරමුණේ මහ ලේකම් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ ප්‍රකාශ යොදාගන්නා ලෙස දන්වා ඇති බවත් වාර්තා වෙයි.

මේ වන විට මතුව ඇති අර්බුදය සම්බන්ධව සමාජ මාධ්‍ය ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වෙයි .

WhatsApp Image 2021 02 08 at 20.35.31

WhatsApp Image 2021 02 08 at 20.35.32

WhatsApp Image 2021 02 08 at 20.35.33

WhatsApp Image 2021 02 08 at 20.35.34

WhatsApp Image 2021 02 08 at 20.35.35

WhatsApp Image 2021 02 08 at 20.35.36

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න