විමල් ඉවත් කිරීම පොහොට්ටුවේ සියලු දෙනාගේ අදහසයි - ලන්සා

විමල් ඉවත් කිරීම පොහොට්ටුවේ සියලු දෙනාගේ අදහසයි  - ලන්සා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේම අදහස් වී ඇති විමල් වීරවංශ අමාත්‍යවරයා  ආණ්ඩුවෙන් ඉවත් කිරීම බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර  ලංකා පොදුජන පෙරමුණේ වැඩකටයුතු පක්ෂය විසින් බලාගන්නා බවත් විමල් වීරවංශ මහතා ඔහුගේ පක්ෂයේ වැඩ බලා ගන්නා ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කරයි.

කැබිනට් ඇමතිවරයකු ලෙස කැබිනට් මණ්ඩලය ගන්නා සාමූහික තීන්දුවලට එකඟ විය යුතු බවත් එසේ කිරීමට අපහසු නම් ආණ්ඩුවෙන් ඉවත් වී ගොස් විපක්ෂයේ කැමති සන්ධානයක් හදා ගන්නා ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ගැලරිය චූන් කරන්න යන්නේ නම් එලියට ගිහින් ගැලරි චූන් කරන්නැයි ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න