කරූ මහින්දට ලකුණු දායි !

කරූ මහින්දට ලකුණු දායි !

කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ භූමදානය කිරීම සඳහා  අවසර දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ  විසින් සිදු කරන ලද ප්‍රකාශය පිලිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රසාදය පල කර සිටියි.

අද (11) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. 

රජය ගත් මෙම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ විශේෂඥ කමිටු වාර්තා දෙකක් හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරන ලද නිර්දේශයන් ද සැලකිල්ලට ගෙන සිදු කරන ලද තීරණයක් වන්නේ යැයි අප සංවිධානයේ විශ්වාසය යි.  

එය රටේ සංහිදියාව පිලිබදව සැලකීමේදී අතිශය වැදගත් තීරණයකි.එමෙන්ම ආගමික හා වාර්ගික වෙනස්කම් පිටු දැකීමකි.

සමස්තයක් වශයෙන් සැලකීමේදී විද්‍යාත්මක පදනමක පිහිටා ගනු ලැබූ තීරණයක් ලෙසද සැලකිය හැකිය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශිත මෙම තීරණය එතුමන්ගේ දේශපාලනික පරිණතභාවය පිළිබද පැහැදිලි වන්නෙකි.

එමෙන්ම මෑත කාලයේ රටේ සමහර ජන කොටස් අතර ගොඩනැගී තිබූ සිත්වේදනාවන් සමනය කිරීමට ගනු ලැබූ ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකි. 

සාධාරණ සාමාජයක් පිලිබදව අපේක්ෂා සහගතව ඒ වෙනුවෙන් කටයුතු කරන සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රජයගත් මෙම තීරණය අතිශයින්ම අගය කරන අතර එය නොපමාව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදවනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු. 

දේශබන්ධු කරු ජයසූරිය 

සභාපති 

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න