Language Switcher

V2025

කොවිඩ් 19 මරණ භූමදාන අවසරය තවත් නාටකයක්ද?

උද්ගත ගෝලීය වසංගතය හමුවේ සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වයිරසයෙන් ලොව පුරා මියයන පුද්ගල මළසිරුර ආදාහනයට හා භූමදානයට ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ අනුව ඉඩ දී ඇති පසුබිමක ශ්‍රී ලංකික සමාජය තුල ආදාහන භූමදාන මාතෘකාව දැඩි ආන්දෝලනාත්මක හා ජාතිවාදී මුහුණුවරකින් ලොව පුරා අවදානයට පාත්‍ර විය….

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොතකා ජන කොටසක් පාදක වෙමින් සිදුවූ සන්දර්භය….            

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දෙශ නොතකමින් දැඩි දේශපාලණික වපසරියක ඒකාධිපති ස්වරූපයකින් නිශ්චිත විද්‍යාත්මක විසඳුමකින් තොරව සාකච්ඡා වෙමින් තිබූ භූමදාන ගැටලුවට ආණ්ඩුවට පක්ෂාග්‍රාහී බොහෝ විද්වතුන් එසේ භූමදානය කිරීම භූගත ජයලට වෛරසය එක්වීමේ අවධානමක් ඇතිබව කියා පාමින් මානුෂීය ආගමික ඇදහිලි හා විශ්වාස කුඩුපට්ටම් කරමින් භූමදානය වාරණය කිරීමේ උද්වේගකර සටනට පණ පෙවූහ..

පසුගිය දිනෙක විපක්ශයේ මංත්‍රීවරයකු මතුකල ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුයේ කිසිසේත්ම කොවිඩ් ආසාදිත පුද්ගල අපද්‍රව්‍ය ජලමූලාශ්‍ර හා එකතුවීමෙන් කොවිඩ් වෛරසයේ පැතිරයාමක් නොවන බවය…..

මරික්කර්ගේ දූස්රාවට, අගමැති මහින්දගේ පිළිතුර…        

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගේ ප්‍රකාශය සමග අද දින සබජ පාර්ලිමේන්තු මංත්‍රී එස් එම් මරික්කාර් විසින් ඉතා ආවේගශීලීව පාර්ලිමේන්තුව තුල කථානායකවරයාගේ බාදා මධ්‍යයේ ප්‍රශ්නගත කොවිඩ් ආසාදිත මෘත දේහ ගැටලුව ඉදිපත්කරමින් සිටිනා අතර තුර අගමැති මහින්ද රාජපක්ෂ විසින් "ඔව් භුමදානයට ඉඩ දෙනවා"  ලෙසින් ප්‍රකාශ කර සිටි අතර එය ක්ෂණිකව  දෙස් විදෙස් මාධ්‍ය හා විදේශ නායකයන් ගේ අවධානය දිනා ගත් නමුත් ඇතමුන් මෙය එළැබෙන ජිනීවා සැසිවාරය ඉලක්ක කොට සිදුකර ඇති ප්‍රකාශයක් බව අර්ථකථනය කරමින් සිටින අතර එහි යම් සත්‍ය තාවක් ඇති බවට යම් කසුකුසුවක් සමාජගත වෙමින් පවතී…. ද ලීඩර් වෙබ් අඩවිය අගමැති කාර්‍යාලයෙන් විමසයි….             

පාර්ලිමේන්තුව තුළ අගමැති මහින්ද රාජපක්ෂ සිදුකල භූමදානයට ඉඩදෙනවා යන ප්‍රකාශ ප්‍රකාරව The Leader.lk වෙබ් අඩවිය අදාල ප්‍රකාශයේ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන්  අගමති කාර්‍යාලයෙන් කල විමසීමකදී එහි ප්‍රධාන නිළදාරියකු පවසා ඇත්තේ එවැනි කිසිඳු භූමදාන තීන්දුවක් මේවන තුරු දැනුවත් නොමැති බවත් ගැසට් පත්‍රයක නිකුත්වීකක් නොමැති බවත්ය.          

එසේ තොරතුරු වාර්ථාවන මොහොතක රාජපක්ෂ රජයේ ආදාහන භූමදාන මානුෂීය ගැටලුව තවත් එක් ඇන්දවීමක්දැයි සාධාරණ සැකයක් මතුවීම ස්වාභාවික වනු ඇත. ගව ඝාතන තහනම මෙන් භූමදානයත් විහිළු සපයයිද?........            

ඉකුත් පාර්ලිමේන්තු සැසියකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ජනතා බලාපොරොත්තු බිඳවැටෙමින් පවතින තනි සිංහල බෞද්ධ ආණ්ඩුවේ පදනම ශක්තිමත් කිරීම පිණිස "ගව ඝාතනය" තහනම් කරන බව ප්‍රකාශ කරමින් සිංහල බෞද්ධයින් ක්ෂනික උත්තේජනයකට පත්කල ආකාරය කෙතරම් සමාජගත වීද යන්න සමාජ මාධ්‍ය පරිශීලකයන්ට මනා ලෙස අත්විඳීමට හැකියාව ලැබුනද ඉන් ආණ්ඩුවේ පිරිහීමට අදාල  ප්‍රස්තුත යටගසමින් යම් කාල පරිච්ඡේදයක් ගතකල ආකාරය ඉතා පැහැදිලිය…            

එනිසාවෙන් කොවිඩ් මෘත දේහ භුමදානයත් එසේ ශ්‍රීලාංකික මුස්ලිම් ප්‍රජාවට යම් බලාපොරොත්තුවක් හා බහුතර සිංහල බෞද්ධ ජනතාව තුල නැවත ජාතිවාදී ආකල්ප ඉස්මතු කරමින් මේ දිනවල පවතින දැඩි අර්බුදකාරී අභ්‍යන්තර ගටලු අමතක කරවීමේ වෑයමක්දැයි සමජය තුළින්ම මතුවන කුකුසක් පැන නගිමින් ඇත..

විදෙස් නායකයන්ගේ පැසසුම් පුස්සක් වේවිද????.......              

වත්මන් පාකිස්තාන අගමැති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් කාන් ඉදිරි දිනයක ශ්‍රී ලංකාවේ නිළ සංචාරය කිරීමට නියමිත අතරම ඔහු විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමටද කටයුතු සූදානම්ව ඇති මොහොතක මහජන චීනයේ මිත්‍ර රටක් ලෙස පකිස්තාන් අගමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන මොහොතේ මුස්ලිම් ප්‍රජාවට කිසිඳු වෙනසකින් තොරව සහජීවනය හා සමානාත්මතාවකින් සලකන බව පෙන්වීමටත් ඔහුගේ දෝශ දර්ශනයකට ඇති ඉඩහසර වලකා පාර්ලිමේන්තුව තුල ඉම්රාන් කාන් ආණ්ඩුවේ ගුණ ගායනා කිරීම් අරඹයා සිදු කල දේශපාලණික උගුලක් දෝ සැකයක් මතු වෙමින් පවතින අතර කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් සිය ට්විටර් ගිණුම හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය අගය කරමින් සටහනක් තබා ඇත…        

ඒ සමගින්ම සිංහල අන්තවාදී පිරිස් සමාජ මාධ්‍ය හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයට බරපතල විවේචන එල්ල කරමින් සිටී…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝඉතාලිය