Language Switcher

V2025

ශෂී වීරවංශ CID ගියේ ඇයි ?

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ විසින් අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ තමන් වෙනත් පුද්ගලයෙක් සමග රටින් පලාගිය බව පවසමින් පසුගිය දින කිහිපයේ සමාජ ජාලාවලින් අසත්‍ය පුවත් පළ වූ බව පවසමිනි.

ඒ හේතුවෙන් තමන් සහ තම දරු දෙදෙනා මානසික වශයෙන් හිංසනයට පත්වූ බව ඇය සදහන් කර ඇත.

මේ සම්බන්ධව  පරීක්ෂණ කර වරදකරුවන්ට දඬුවම් දෙන්නැයිද ඇය පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.