රථ වාහන, හිඟ ලීසිං ගැන අගමැතිගෙන් මහ බැංකුවට උපදෙස්

රථ වාහන, හිඟ ලීසිං ගැන අගමැතිගෙන් මහ බැංකුවට උපදෙස්

ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත් පාසල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල ප්‍රවාහන රථ සහ ත්‍රිරෝද රථ සඳහා වූ හිඟ වාරික ගෙවීම ඉදිරියට රැගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසද මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පාසල් වෑන් රථ, කාර්යාලීය බස් රථ සහ ත්‍රිරෝද රථ හිමියන් සමග  මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී අගමැති මහින්ද රාජපක්ෂ  මෙම උපදෙස් ලබාදී ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් ද  සමස්ත ලංකා කාර්යාලීය ප්‍රවාහන සම්මේලනය, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සහ සුනිල් ජයවර්ධන පදනමේ සාමාජිකයෝ පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න