ආවේ වනය රකිනවා කියලා : අන්තිමට ගහ බේරගත්තේ සිවුරු පොරවලා - චමිත්

ආවේ වනය රකිනවා කියලා : අන්තිමට ගහ බේරගත්තේ සිවුරු පොරවලා  - චමිත්

තමා සිංහල බෞද්ධ නායකයා කියන ජනාධිපතිවරයෙක් ඉන්නා රටක දුර්ලබ ශාකයක් වූ කෘඩියා සිලනිකා නැතිනම් පණු කරඳ ශාකය රැකගැනීමට නොහැකිව  එම ගස රැකගන්න සිවුරු අන්දා  සසුන්ගත කිරීමට සිදුවූ බව ජාතික සමගි බලවේගය පක්ෂයේ සමගි තරුණ බලවේගය සංවිධානයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර පවසයි.

 ඔහු මේ බව  සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සමගි බලවේගය පක්ෂයේ සමගි තරුණ බලවේගය සංවිධානයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මෙසේද පැවසීය.

" වියත්මග කියලා පරිසරය රකිනවා කියලා පෝස්ට් දාලා ආවේ.  ගෝඨාභය ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ  රටේ වන ගහනය 30%ක් කරනවා කියලා. එහෙම කියලා පටන් අරගෙන ජනවාරි වෙනකොට වැලි සඳහා බලපත්‍ර අහෝසි කළා. අන්තිමට වැලි කැණීම කරපු  තැන් වල විතරක් නෙවෙයි, ඊට කලින් වැලි කැණීම් නොකරපු තැන් වලත් වැලි කැණීම් සිදුවුණා. 

ඒ වගේම අපි දේවානි ජයතිලකට ස්තුති කරනවා. මේ දුර්ලභ ශාකය රැකගන්න මැදිහත් වුණාට. හරි නම් රජය මේ වගේ නිලධාරීන් ආරක්ෂා කරන්න ඕන. නමුත් අද වෙනකොට මාධ්‍ය වාර්තා කරන්නේ දේවානිට එරෙහිව විනය  ක්‍රියාමාර්ග ගන්න යන බව.

ඒ විතරක් නෙවෙයි, විමලවීර අමාත්‍යවරයා ඉස්සරහා වන සංරක්ෂණය වෙනුවෙන් කතා කරපු නිලධාරියාව මාසයකට විතර කලින් ස්ථාන මාරු කරලා. මේ නිලධාරීන්ට උදව් කරන්න නේද ඕන. 

ගම සමග පිළිසඳරක් කියලා ඊට පස්සේ කැලෑ විනාශ වෙන තත්ත්වයක් තියෙන්නේ. කරන්න ඕන දේ තමයි අස්වනු, ඵලදාව වැඩි කරන්න කටයුතු සැළසීම. එහෙම නැතුව තියන කැලෑ ටික විනාශ කරලා හරියන්නේ නෑ.

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න