Language Switcher

V2025

බැසිල්ට කියන්නේ - විමල්ලාට අසාධාරණයක් කළොත් බලාගමු : සුදත්ත හිමිත් ගේමට වඩියි !

"ඇමරිකාවේ කකුලක් තියාගෙන ලංකාවේ කකුලක් තියාගෙන දේශපාලනය කරන පාපතරයන්ට කියනවා, 69 ලක්ෂයේ ජනවරම ආපසු හරවන්න එපා. විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු වමේ - දේශප්‍රේමි පාර්ශ්වයට අසාධාරණ තීන්දුවක් ගත්තොත් මතක තියාගන්න ඊළඟ ජනාධිපතිවරණයට විකල්ප බලවේගයක් ගොඩනගනවා. ඒක ඔය කියන බැසිල් රාජපක්ෂටත් බෑ. රාජපක්ෂ කඳවුරේ කාටවත්  බෑ " යැයි නව සිහල රාවය ජාතික සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි පවසති.

මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව සඳහන් කර සිටියේ අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මාගල්කන්දේ සුදත්ත හිමි මෙසේද පැවසීය.

"විමල් වීරවංශ අමාත්‍යවරයා කියන එක හරි. ජනාධිපතිට වැඩකරන්න දෙන්නේ නැති පිරිසක් ඉන්නවා නම්  ඔවුන් එතැනින් ඉවත් විය යුතුයි. 69 ලක්ෂයේ  ජනවරම ලබා ගැනීමට විමල් වීරවංශ සුවිශේෂී සාධකයක් වුණා.

වාසුදේව නානායක්කාර, දිනේෂ් , ගම්මන්පිල  ඇතුළු වමේ දේශපාලන කදවුර නියෝජනය  කරන පිරිසත්  ජාතික සංවිධානත් ඊට දායක වුණා. තුනෙන් දෙකේ බලය  ලබා ගන්න විශාල කාර්යභාරයක් ඉටු කළා . 

විමල් වීරවංශ ඇමති තුමා ප්‍රකාශ කළේ මහින්ද මහත්තයා එලවන්න නෙමෙයි . දේශපාලන වශයෙන් ජනාධිපතිවරයාව ජනාධිපතිවරයාව සන්නද්ධ කරන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. දැන් ඔය පින් මන්ත්‍රීකම් ගත්ත  පොහොට්ටුවේ ඉන්න කිහිප දෙනෙක් විමල් ඇතුළු දේශප්‍රේමී බලවේගවලට පහර පිට පහර එල්ල කරන්න හදනවා.

ප්‍රශ්නයක් වුණාම විසඳන්න ඕන. ජනාධිපතිට තිබුන පාර්ශව දෙක ගෙනල්ලා කතා කරන්න. අගමැති මහින්ද මහත්තයාටත් තිබුණා දෙපාර්ශවය ගෙනල්ලා  කතා කරන්න. නමුත්  එහෙම කළේ නෑ. ඒක කනගාටුදායක තත්ත්වයක්.

ඇමරිකාවේ කකුලක් තියාගෙන ලංකාවෙ තව කකුලක් තියාගෙන ඉන්න බැසිල් රාජපක්ෂ යම් කාර්‍යයක් කළා තමයි , ඒත් පසුපෙළ මන්ත්‍රීලා යොදවලා දේශප්‍රේමී බලවේග වලට පහර ගහන්න එපා.