රථ වාහන ගාල් කිරිල්ල අස්සේ කෝටි ගාණක ගැහිල්ලක් - ශර්මිලා (වීඩියෝ )

රථ වාහන ගාල් කිරිල්ල අස්සේ කෝටි ගාණක ගැහිල්ලක් - ශර්මිලා (වීඩියෝ )

කොළඹ මහ නනගර සභා බලප්‍රදේශයේ  රථ වාහන නතර කිරීම සඳහා අය කරන මුදල් 2020 ජනවාරි 01 වනදා සිට  නගර සභාව වෙත ලැබී නොමැති බව නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවෙල පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටින්නේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ය.

එහිදී  ඇය  වැඩිදුරටත් මෙසේ ද පවසයි. " මේ පෞද්ගලික ආයතනය ඔබේ සල්ලි මංකොල්ල කනවා. කොළඹ නගර සභාව සමග ගිවිසුම්ගත වීමේදී එහි සඳහන් වෙලා තියෙනවා ටිකට් කඩන යන්ත්‍ර එකසිය හැටක් ස්ථාපනය කරන්න ඕන කියලා. නමුත් හයි කරලා තියෙන්නේ යන්ත්‍ර 100ක් වගේ.

එයිනුත් 25 ක් විතර අද වැඩ නෑ. ඒ වගේම ගිවිසුමේ තියෙනවා ගිවිසුම්ගත කරුණු පැහැර හරින්න බෑ කියලා. ඒ වගේම ගිවිසුමේ තියෙනවා 2017 ජනවාරි පළවෙනිදා න් පසුව අත්යන්ත්‍ර මගින් ටිකට් පත් නිකුත් කිරීම මුළුමනින්ම අහෝසි කරන්න  ඕන කියලා. නමුත් අද ඒ කිසිවක් සිද්ධ වෙලා නෑ. ඔවුන් දිනපතා ඔබේ මුදල් ගන්න ඇති. නමුත් කොළඹ නගර සභාවට දෙන්නෙ නෑ .

ඒ නිසා මේ තත්වයට එරෙහි වෙන්න ඕන. ගෙවන්න  බැරි වෙන දවස් වල දඩ මුදලක් නියම යන්න තියෙනවා .. අද මේ වෙනකොට ඒ දඩ මුදල් ගෙවලත් නෑ ..

කොළඹ නාගරික මනමන්ත්‍රීනි ශර්මිලා ගෝනවෙල නිකුත්කළ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න